නිවසක ඇතුලත කාමර සඳහා සුදුසු දිශාවන් වෙන් කරගන්නා අයුරු

නිවසක ඇතුලත කාමර සඳහා සුදුසු  දිශාවන් වෙන් කරගන්නා අයුරු

ඔබේ සිහින නිවස නිවස ඉදිකිරීම් හා භූමියක් තෝරා ගන්නා අයුරු මෙන්ම බැහැ ඔබගේ සිහින නිවස ඉදිකිරීමට ඉඩමක පාද බෙදා ගන්නා අයුරු ද  පිළිබඳව ලියාරා ජනවාරි කලාපයෙන් සහ පෙබරවාරි කලාපයෙන් ඔබගේ දැනුමට යමක් එකතු වන්නට ඇති .

එසේ නම් බලාපොරොත්තු පෙරදැරි කරගෙන  අනාගතය උදෙසා ඔබ ගොඩනංවන සිහින මාලිගාව සෞභාග්‍යයෙන් පිරි නිවසක් කර ගැනීමට

වාස්තු විද්‍යාව විද්‍යානුකූලව නිවසක කාමර වෙන් කිරීම සම්බන්ධව හා ඊට අදාල  වාස්තු විද්‍යාත්මක පැතිකඩ පිළිබඳ මේ ලිපියෙන් මම කරුණු ගෙනහැර දක්වමි.

බොහෝ පුද්ගලයින් තම නිවස වැඩ අවසන් කර වාස්තු දෝෂ පිළිබඳව පරික්ෂා කරති .

ඒ ඉතාම අහිතකර තත්ත්වයක් බව කිව යුතුම ය .

මන්ද යත්  යම් කිසි අසුබ පිහිටීමක් නිවැරදි කරන්න ට තවත් බොහෝ මුදලක් ඇතැම් විට වියදම් කරන්නට වන නිසාවෙනි .

සුදුසුම දෙය වන්නේ අදාල නිවස සම්බන්ධය අඳින ලද නිවාස සැලැස්ම ඒ සම්බන්ධ වාස්තු විද්‍යාත්මක   දැනුමැති  අයෙකු හා සම්බන්ධ වී එහි සුභ අසුභ සුබ අසුබ වර්ග කිරීම් ආදිය කිරීම් ආදිය සිදු කර ගැනීමයි .

මෙසේ කිරීමෙන් ඔබට කාලය ධනය මෙන්ම ශ්‍රමය ද අපතේ යනු වළක්වා වළක්වා ගත හැකිය

පැරණි නිවෙස් ගත් කල විශාල වූ විවෘත වූ ආලින්ද  මෙන් ම සාලය නිදන කාමර ගබඩා කාමර සේවක කාමර ආදී වශයෙන් කොටස් කිහිපයක් දක්නට ලැබේ.

බොහෝවිට මෙම නිවෙස් වල මුළුතැන්ගෙය  මැද මිදුලකින් වෙන්වී පැවතීම දක්නට ලැබේ .

එසේම වැසිකිලිය නිවෙසට තරමක් දුරින් පිහිටි අතර වතුර බොන ළිඳ හෝ නාන ළිඳ නිවසට තරමක් දුරින් පිහිටියේය .

බුදුන් වඳින ආගමික කටයුතු කරන ස්ථානය බොහෝ බොහෝ දුරට නිවස ඉදිරිපිට වීම විශේෂයි .

නමුත් වර්තමානයේ සියල්ල කණපිට හැරිණ තත්ත්වයක් උදාවී ඇත්තේ පර්චස් 10 හෝ අටේ  නිවාස ඉදි කිරීම, වැසිකිලි හා නාන කාමරයද  නිවස තුළම ස්ථාන ගත කිරීම  පහසුව හා ආරක්ෂාව මෙන්ම ඉඩම කුඩා වීම යන හේතු කාරණා මතය.

 බොහෝ දුරට  සුභ දිසාවන් වලට මෙවැනි නාන නානකාමර  වැසිකිලි අයත් වීම හේතුවෙන් නිවැසියන්ට අසුභ අශුභ තත්ත්ව ඇති වීමට හැකි අවධානය ඇත .

අපි විමසා බලමු කුමන දිශාවට දිසාවට කුමන ආකාරයේ වාස්තු ගැලපීම් අනුව නිවසක කාමර වෙන් කළ යුතුද කියා.

උතුරු දිශාව සඳහා

මෙම දිශාව සඳහා ගබඩා කාමර වඩාත් යෝග්‍යයි .නිදන කාමර වලට ද   අශුභයක් නැත.

නැගෙනහිර දිශාව සඳහා

නාන කාමර සඳහා යෝග්‍ය යයි .වෙන්න මිල මුදල් තැන්පත් කළ අය මාර්ග ආදිය මෙම දිශාවටත් හැරවීමත් තැබීමත් ඉතාම ශුභ කරුණක් විදිහට දකින්න පුළුවන්

දකුණු  දිශාව සඳහා ද නිදන කාමර සඳහා යෝග්‍ය වේ.

බටහිර දිශාව දිශාව ශාස්ත්‍රීය කටයුතු සහ අධ්‍යාපන කටයුතු  කරන්න දරුවන්ගේ පාඩම් වැඩ සඳහා වෙන් කිරීමට හැකිනම් හැකිනම් යෝග්‍යයි. කෑමකාමර  සඳහා ද ශුභයි

ඊශාන දිශාව

ආපෝ භූතයට අයත් මෙම දිශාවෙහි

 ආගමික කටයුතු උදෙසා සුබයි

නිරිත දිශාව

පඨවි භූතයට අයත් මෙම දිශාව

වැසිකිළි කැසිකිළි ආදිය මෙන්ම අවි ආයුධ ගොවි උපකරණ වැනි දේවල් ගබඩා කිරීම සඳහා ශුභයි. වර්තමානයේ ගරාජ තැනීමටද ඉතා සුදුසුයි

වයඹ දිශාව

වායෝ භූතයට අයත් මෙම දිශාවෙහි අමුත්තන්ගේ කාමර සාලය වැනි ස්ථානගත කිරීම  සඳහා ශුභයි .

ගිණිකොන දිශාව

තේජෝ භූතයාට අයත් මෙම දිශාව

මුළු තැන් ගෙය සඳහා ශුභයි .

ඔබ ඉදි කරන්නට යන නිවස ඔබේ සිහින මාලිගය වාස්තු දෝෂ වලින් තොරව එසේ ම ගැලපෙන දිශාවන් වලට අනුව හැකි තරමින් ඉදි කර ගැනීමට උත්සාහ කරන්නේ නම් නිවසේ වූ වාස්තු  දෝෂ මග හැර සෞභාග්‍ය සෞභාග්‍යමත් ජීවිතයක් කරා ළඟා වීමේ වාසනාව නිවස තුළ ඔබට උදා කර උදාකර ගැනීමට හැකිය .

ජ්‍යෝතීර්‍යවේදිනී චතුරි විජේසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *