පැහැපත්කාරක සහිත ආලේපන පාවිච්චිය

පැහැපත්කාරක සහිත ආලේපන පාවිච්චිය


ඔන්න ඉතින් අපේ කට්ටිය ආසම මාතෘකාවකට අත තියන්නයි කල්පනාව…… කවුරුත් ආසයි ලස්සනට, ආකර්ෂණීයව ඉන්න….අපිට අපේ ලස්සන පෙනුම ලැබෙන්නෙ ජාන වලින් බව ඔයාල දන්නවනේ. එහෙම ලැබෙන අපේ ආකර්ෂණය වැඩි කරල පෙන්වන ප්‍රධාන සාධකයක් තමා මේ අපේ සමේ පාට. ඒක සාමාන්‍ය ව්‍යවහාරයේදි හදුන්වන කලු සහ සුදු හැටියට අපි වර්ග කරනවනේ. ඒ දෙක අතර මැද අය තලෙළුයි කියල කියනවා. අපේ රටේ ඉතින් මේ සුදු යයි සම්මත සමට සෑහෙන ඉල්ලුමක් තියෙනවා ඒක කාන්තාවකට උරුම නම්.

ඒ කියන්නෙ පැහැපත් සමකට උරුම කම් කියන්න අපි හරි කැමතියි . (පැහැය = පාට = වර්ණ ) පැහැපත් වෙනවා කියන්නේ පැහැය හොඳ තත්ත්වයකට පත් වීමයි. පැහැපත් සමක් පැහැදිලි නිකැලැල් සමක් උනහම තවත් ලස්සනයි… පැහැපත් නොවුනත් පැහැදිලි නිකැලැල් සමත් ලස්සනම ලස්සනයී.

කොහොම තලෙළු හෝ ඊටත් තද පාට සමක් තියෙන ඔබ අනිවාර්‍ය්යෙන්ම කැමතියි තියෙනවට වඩා සම පැහැපත් කරගන්න. මගේ වෘත්තිය ජීවිතයේදී එහෙම අකමැති කෙනෙක් තාම මට මුණ ගැහිලා නෑ. හැබැයි කරගන්න මුදල් නැති සහ උත්සාහ කරල හෙම්බත් වෙලා අත ඇරල දාල ඉන්න අය නම් මුණ ගැහෙනවා. හැබැයි ඒකට කියන්නෙ අකමැත්ත කියල නෙමෙයිනේ.

මේ සුදු වෙන්න තියෙන ආසාව සහ සුදු සමට තියෙන ඉල්ලුම නිසා ම සුදුවෙන cream වලට තියෙන ඉල්ලුම හිතාගන්න බැරි තරම් ඉහළයි. සුදු සම පරිස්සම් කරන්න ඕනේ ගොඩක්. මොකද අපි සමකාසන්න රටක් නිසා හිරු කිරණින් සමට වෙන හානිය ගොඩක් වැඩියි.

අපි සුදු වෙනවා කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ යුරෝපීය ජාතිකයන් තරම් සුදු වෙන්න. අපි බලාපොරොත්තු වෙන්නේ ආසියාතිකයන්ට ආවේණික වූ ලස්සන රන්වන් පැහැයක් .

සම පැහැපත් වෙන්න පැහැපත් වෙන්න සිනිඳු වෙනවා. පැහැපත් බව අඩු සම සාමාන්‍යයෙන් රළුයි. එය හිරු කිරණට ඔරොත්තු දෙනවා, පැහැපත් බවින් වැඩි කෙනෙකුගෙ සමට වැඩිය. ඉතින් සුදු වෙන්න තියෙන ආසාවට යටත් විජිත මානසිකත්වය කියලා කියලා ගරහන්න එපා. මොකද එහෙම නම් යටත් විජිත මානසිකත්වයෙන් තොර වෙච්ච කිසිම දෙයක් දැන් අපි අතර නැහැ.

ඊළඟ ලිපියෙන් මම බලාපොරොත්තු වෙනවා කොහොමද අපි ඉතා උසස් තත්වයේ දිගු කලක් පාවිච්චි කළ හැකි අතුරු ආබාධ අවම whitening cream එකක් තෝරගන්නෙ කියල.

හැබැයි අනිවාර්යයෙන්ම මතක තියා තියා ගත යුතුයි ඔබ උපතින් ගෙනා පැහැය වෙනස් කළ හැකි වන්නේ මෙම ආලේපන පාවිච්චි කරන තාක් කල් පමණක් බව. නතර කලහම ඔබේ සම නැවතත් තිබුණ පාටටම පත් වේවි. ඒක කිසිම ආලේපනයකින් වෙනස් කරන්න බැරි සත්‍යයක් .

ඒ වගේම ඔබ තරයේ මතක තබා ගන්න කුමන ආකාරයක හෝ සුදු වීම සඳහා උත්සාහයක් ඔබ දරනවා නම් ඒ සමඟම හොඳින් ක්‍රියාකාරී වන සන් ක්‍රීම් එකක් ඉර පායා බැස යන තෙක්ම ඔබ පාවිච්චි කළ යුතු බව. එලියේ හිටියත් නැතත්, අව්වේ ගියත් නොගියත්. සන් ක්‍රීම් එකක් නැත්නම් ඔබ වයිට්නින් ක්‍රීම් එකක් ගාන්න හිතන්නවත් එපා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *