මිහිතලය රැක ගනිමූ.

මිහිතලය රැක ගනිමූ.

අප්‍රේල් මස 22වන දිනට යෙදේන 50වන ජගත් මිහිතල දීනය නිමිත්තෙනී.

ලියාරා සඟරාව හරහා පරිසරය හා කාන්තාව යටතේ පළවන ලිපි මාලාවේ අරමුණ වන්නේ කාන්තාවන් ලෙස පරිසරය රැක ගැනීමේ වගකිම ගැනත් තිරසාර පරිභෝජනය තුළින් පරිසර හානීය අවම කිරීමට පුද්ගලිකව අපට දායකවිය හැකි ආකාරය ගැනත් වැදගත් තොරතුරු ඔබට ලබාදීමටයී. එසේම පරිසරයේ පවත්නා වත්මන් ගැටළුකාරී තත්වයන් ගැනත් අප ඔබ දැනුවත් කරන්නෙමු. බොහෝ දෙනෙක් නොදන්නා වැඩි ප්‍රසිද්ධියක් නොමැති නමුත් පරිසරය වෙනුවෙන් වෙන් කරපු තවත් ජාත්‍යන්තර දීනයක් අප්‍රේල් 22වන දිනට වෙන් කර ඇත. එය ජගත් මිහිකත දීනයයී. රටින් රටට පැතිර ගිය වසංගතයකින් බැට කා රටවල් පවා අගුල් දමාගන්නට අපට සිදු වුවත් අප ජීවත්වන පොළොව ආරක්ෂා කරගැනීමට ගැන අප සිතන්නේ ඉතා සැහැල්ලුවෙනී. නාසා ආයතනය පවා තවමත් මිනිසාට ජීවත්වීමට සුදුසු වෙනත් ලොවක් සොයාගැනීමට අපොහොසත්වී ඇති අතර දිනෙන් දින ස්වභාවික පරිසරය විනාශකරමින් මිනිසා යන මේ ගමන එතරම් සුභදායී නොවන බව කිව යුතුය. අප පොළොතලයේ ජීවත්වන බුද්ධිමත්ව ජීවීන් ලෙස මේ මිහිතලයේ ආරක්ෂාව ගැන නැවත නැවතත් සිතිය යුතු බවට දැඩීව අවධාරණය කරමී.

ඉතා සීඝ්‍රයෙන් සිදුවන පරිසර විනාශය අප මිහිතලය ජීවීත්වීමට අවදානම් කලාපයක් බවට පත්කරමින් සිටී. එම නිසාම වසංගත රෝග හා නොයෙක් ස්වභාවීක ආපදාවලට නිරතුරුවම සෑම රටක්ම මුහුණදේ. මිනිසා තුළ මුල් බැසගත් මුදල් හා බලය තහවුරු කරගැනීමේ ආසාව මිහිතලය මේසා විනාශයකට ඇද දැමීමේ ප්‍රධාන හා එකම හේතුවයී. ඉතින් අප අවුරුද්දක නොයෙක් දින වෙන්කරමින් මිහිතලයේ නොයෙක් අංග රැක ගැනීම කතා කිරීමට යොදාගනී. මේවැනි දීන බොහෝමයක් වාණිජකරණය වී ඇතිවා සේම ඒ  දවසට පමණක් නොයෙක් ක්‍රියාකාරකම්වලින් පුරවාගනී. නමුත් වර්ෂයක දින 365ම පරිසරය වෙනුවෙන් කැපකිරීමට එය අරමුණු කරගනිමින් අපගේ එදිනේදා වැඩ කටයුතු සැළසුම් කරගැනීමට කාලය එළඹ ඇති බව පැවසිය යුතුය.

ස්වභාවික පරිසරය රැකගනීමේ අඩුපාඩු නිසා ගෝලියව මිනිසා විශාල අර්බූදවලට මුහුණ දේ. වසංගත රෝගවලින් වාරිෂිකව ලොව මිය යන ප්‍රමානයට වඩා වැඩි පිරිසක් පාරිසරික ව්‍යවසන, විශේෂයෙන් වායු දූෂණය හා ගෝලිය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵල නිසා මිය යයී. ලෝක සෞඛ්‍ය සංවීධානයට අනුව එය වර්ෂයකට මිලියන 7කී. ඉන් මිලියනයක් චීන ජාතිකයින්‍ ය. එම නිසා කෝවිඩ් 19 වසංගතයෙන් මියගියාට වඩා විශාල ප්‍රමාණයක් පාරිසරික හානි නිසා මිය ගියත් ඒ වෙනුවෙන් ගෝලියව නැගෙන මිනිස් හඬ ඉතාමත් දුර්වලය. මහා පරිමාණ ව්‍යාපාර සිට ගෘහාශ්‍රිතව සිදුවන ප්ලාස්ටික් හා නොදිරන ද්‍රවය ගිනි තැබීම් නිසා අප පරිසරයට විශාල හානියක් සිදුකරයී. නමුත් මෙය අපට නොදැනේ. දිනෙන් දින වැඩිවන පිළිකා, පෙනහළු හා හදවත් රෝග විශාල ප්‍රමාණයකට හේතුව පරිසර දුෂණයයී.

50වන ජගත් මිහිතල දීනය 2020 වර්ෂයට යෙදී ඇති මොහොතේ ගෝලීය පවිත්‍රතාවය, පුරවැසි විද්‍යාව, උපදේශනය, අධ්‍යාපනය හා කලාව යන අංශයන් හී ක්‍රියාකාරි දායකත්වය ප්‍රමුඛ කොට දේශගුණික විපර්‍යාස කෙරෙහි අවධානය යොමු කර ඇත. මිහිතල දිනය මගින් ඊළඟ පරම්පරාවේ පාරිසරික ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සඳහා බිලියනයකට අධික ජනතාවක් දැනුවත් කිරීමත් ඔවුන් බලගැන්වීමත් මෙම දිනයේ අරමුණවී තිබේ. මිනිස් ක්‍රියාකාරකම් හා මානව කෙන්ද්‍රගත සිදුවීම් සමඟ අපගේ ගෝලීය පරිසරය සඳහා සාමූහිකව කළ හැකි දේ ඉටු කිරීමට මේ බිලියනයක් වු ජනතාව මේ වැඩසටහන් මගින් මෙහෙයවනු ඇත.

ජගත් මිහිතල දිනයේ තේමාව ඔස්සේ යමින් 2020 වසර අවසානයේ දී දේශගුණික විපර්යාස පිළිබඳ 2015 පැරිස් ගිවිසුම සඳහා අත්සන් තැබු ජාතීන් (ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 189ක්) දේශගුණික විපර්‍යාස අවම කිරිමට සුවිශේෂි ජාතික මට්ටමින් දායකත්වයක් දක්වනු ඇතැයි අපෙක්ෂා කෙරේ. වැඩිවන ගෝලිය උෂ්ණත්වය අවම කිරීමට ලෝවාසින් එක්ව කටයුතු කලයුතු කාලය දැන් එළඹ ඇත. අප එසේ නොකරන්නේ නම් අපේ අනාගත දරු පරපුර විශාල අවධානමකට ලක්වන බව ජගත් මිහිතල දීනයේ පණිවිඩයයී. එම නිසා එය එක් දිනයකට පමණක් සීමා නොකොට සෑම දවසක්ම මිහිතලය වෙනුවෙන් කැපවෙන, කාබන් දහනයෙන් තොරවූ සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් ලෝවාසින් එක්වන ඓතිහාසික අවස්ථාවක් විය යුතුය. ඉතින්, මේ මිහිතලයේ වගකීම් සහිත පුරවැසියන් ලෙස ඔබත් මමත් අපට පුළුවන් ආකාරයෙන් අපේ මිහිතලය රැක ගැනීමට කැපවෙමු.

ආචාර්‍යය කල්පනා අඹේපිටිය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *