ලවන්යා – හත්වෙනි කොටස

ලවන්යා – හත්වෙනි කොටස

වලව්වම මීයට පිම්බාක් මෙන් දැඩි නිහඩ බවක ගිලී ඇත. ලවන්යා සිටියේ යහනේ ගුලි වී වෙව්ලමින්ය. නෙත පියවන්නට ඇය බිය විය. සිත බියෙන් පීඩිත කරනා කුරිරු සිහිනයක් මෙන් ඇයට එ් මොහොත යළි යළි සිහිවිය. දෙසවන් තුල ඔහුගේ එ් කුරිරු වදන් රැව් පිලි රැව් දෙන්නට විය. දරා ගත නොහැකි වේදනාවකින් පපුව සිර වී යද්දී ඇය කොට්ටයට මුහුණ තද කරගත්තේ ඉකිගසා හඩන හඩ නිවැස්යන්ට ඇසේ යැයි බියෙනි. 

රැය අදුර වලව්වම වෙලාගෙන තිබුණත් අද එහි වෙනදා මෙන් විදුලි පහන් නොදැල්වුනි. රත්වත්තේ මහතා කාමරයට ගොස් දොරගුලු දමා ගත්තාමය. තවමත් එය විවර කරේ නැත.

පවන් කෝපයෙන් නිවසින් පිටව ගිය පසු තවමත් පැමිණ තිබුනේ නැත. පාරමී ලවන්යා වෙත යන්නට පය ඔසවා ගත නොහැකිව තම කාමරයට වී ලතැවෙන්නට විය. මේ වලව්ව තම මව මිය ගිය දාද මේ තරම් පාලු මුසල බවකින් වෙලා නොගත් බව නම් පාරමීට විශ්වාසය. වරුසාව තවමත් නිහඩ බව බිදිමින් වරින් වර හිතු මතේට ඇද හැලෙන්නට විය.

ලවන්යාට තවමත් සදේෂ්ගේ මේ කුරිරු වෙනස් වීම දරා ගත නොහැකි ව සිටියාය. ඔහුට වෛර කරන්නට ඇයට නොහැකිය. රවීදු හා බැදි සිටි කාලයට වඩා දැඩි බැදිමක ඇය සදේෂ් හා වෙලී සිටි නිසා එය ඇයට කෙසේවත් කළ නොහැකි විය. ඇය තරහ ගත්තේ රවිදු සමඟය.

“මොකක්ද මේ වෙන්නේ නංගි?”

නිහැඩියාව බිදිමින් අවසානයේ පාරමි යහනේ කොට්ටයේ මුහුණ හොවාගෙන වැලපෙන තම සොහොයුරියගෙන් ඇසුවාය. ඇය පිළිතුරක් දෙනු තබා හිස එසවුයේවත් නැත.

“මට සදේෂ් කියන දේවල් විශ්වාස කරන්න බෑ. එ්ත්… මට ඇත්ත කියන්න. ඔයා සදේෂ් එක්ක…”

පාරමී අසද්දී ලවන්යා කරේ කොට්ටයට මුහුණ ඔබාගෙන හඩපු එක පමණි. ඇගේ නිහඩ විදවිල්ල පාරමීට බොහෝ දේ පවසන්නට විය. ඇය තම නැගණිය දෙස බලා සිටියේ වේදනාවෙනි. නිවසේම හුරචලිය ඇයයි. මේ මොහොතෙත් පියාත්සොහොයුරාත් සියල්ල කරබා ඇයට වචනෙකින්වත් නොබැන සිටින්නේ එනිසාමය. ලවන්යා යනු සැරවැර මැද හැදුන යුවතියක නොවේ. 

පසුවදා උදෑසනද පියා කාමරයෙන් ඉවතට නොඑන විට නම් පාරමීට සිය පියා ගැන බියක් දැනුනි. 

“උෘ මහ බල්ලෙක්… උෘට නංගිව ඔන නැත්නම් කෙලින් කියන්න තිබ්බා. එ්කිව එක්ක යන්න ඔන හැම දෙයක්ම මගේ අහිංසක නංගිව රවට්ටගෙන කරගෙන අන්තිමට තියන තුප්පහිම විදිහට එ්කිට අපහස කරලා අත් හැරියා. මම ඔකව ලේසියෙන් අත අරින්නේ නෑ.”

පවන් සාලය මැද හිටගෙන මහ හඩින් කෝපයෙන් කෑගසන හඩට ලවන්යා යහනින් ගැස්සී නැගිට ගත්තාය. සදේෂ් නිවසින් පිටව ගිය පසු වලව්ව තුල උස් හඩක් ඇසුනාමය. මීයට පිම්බාක් මෙන් නිහඩව තිබු නිවස එකවර දෙදරුම් කන්නට විය. 

“මිනි මරාගෙන විසදන්න පුල්වන් පර්ශ්ණ නෙමෙයි ලොකු පුතා මේ….”

“මේ මිනියක් මරාගන්න ඔන ප්රශ්ණයක් තමයි. එ් යකා මගේ නංගිගේ ජිවිතේම විනාශ කරලා ලෝකයා ඉදිරියේ එ් කෙල්ලව පාගලාම දැම්මා. උෘ පිරිමහගත්තේ වෛරයක්”

“මල්ලි කියන එක ඇත්ත තාත්තේ අපි නිහඩව ඉන්න නරකයි.”

පාරමිගේද හඩ දැඩිව ඇසෙන්නට විය. ලවන්යා යහනින් බැස කාමරයේ දොර තිරය මදක් ඉවත් කර සාලය දෙස බැලුවාය. ඇයට හීල්ලුනේ සිය පියාගේ පරාජිත මුහුණ දකිද්දීය. ඔහු ගැහුවා නම් බැන්නා නම් දුකක් නැත. එහෙත් එ් පරාජිත වත, නිහඩ බව ඇයට ඉහිලුම් නොදෙන්නට විය. 

ඇය හඩමින්ම දොර ළග බිම ඇද වැටුනාය.

දවස් කිහිපයක්ම ගත වුයේ ලවන්යා නිවසේ කාමරයකටම කොටු කරවමිනි. ඇය අහරක් ගත්තේ නම් එ් පාරමීගේ බලේටය. නිවැසියන්ගේ මේ තත්වය යටතේ පාරමීට යළි තම නිවස බලා යෑමටද හිත හදා ගන්නට නොහැකි විය. ඇය තවත් දින කිහිපයක්ම නිවසේ රැදෙන්නට සිතුවාය.

හතරවන දිනයේ රෑයාමයේ වලව් වහලේ රට උලු වලට ගල් කැට වරුසාවක් ඇද හැලුනේ කොලු රෑනකගේ “හූ” හඩක්ද සමඟය.

“දෙයියනේ මේ මොනවද වෙන්නේ?”

“මේ අරූගේම පහත් වැඩ තමයි. කොච්චර වුනත් ගමේ එකාලා අපිට ගරු කරනවා.”

පවන් දත් මිටි කමින් පැවසුවේ ඔහු එළියට බසින්නට සැරසෙද්දි ඔහුගේ අතක එල්ලී ඔහුව නවතා ගත් බිරියටය. රත්වත්තේ මහතා සාලය මැද රැය පුරා එහෙට මෙහෙට සක්මන් කරමින් හීල්ලු වා පමණි. මේ වන සියලු දේවල් ලවන්යා කාමරයට වී නිහඩවම දරා ගත්තේ මහත් අපහසුවකිනි. සදේෂ් ගැන හිත වෙලා ගත් ආදරය වෙනුවට දැන් දැන් වෛරය කෝපය වෙලා ගන්නට විය. එහෙත් පසුවන දිනත් සමඟ කැලැන්ඩරය දකින විට ඇගේ ගතම හිර වැටුනි. ඔහුට වෛර කරන්නට තවත් ඇයට නොහැකිව අසරණ විය.

ඇය පස්වදා පාන්දරම ඩනිම් කලිසමකින් හා ටීෂර්ටයකින් සැරසුනේ තීරණයකට එළබීමෙනි. නිවැසියන් අවදි වන්නට පෙර ඇය නිවසින් එළියට බැස්සේ ඇගේ රථයේ නොයා පාරට විත් කුලී රියක්ද නතර කර එයට ගොඩ වෙමිනි. යහන අතරමඟ ඇය වරින් වර සදේෂ්ට ඇමතුම් ලබා ගත්තත් ඔහුග ජංගම දුරකථනය විසන්ධි කර තිබුණි. ඇය තොල් පට සපා ගෙන වේගයෙන් පසුව යන මුහුදු තීරය දෙස බලා සිටියේ ගැහෙන හදවතිනි. 

අවුරුදු ගානක් තමා පසුපස ආදරය ඉල්ලමින් හිඟා කෑ සදේෂ් අද ඇයව හිඟන්නියකටත් අන්ත අසරණියක් බවට පත් කර තිබෙන බව දැනෙද්දි ඇයට එ් වේදනාව දරා ගන්නට නොහැකි විය. 

කුලී රිය කලු පැහැයෙන් මහා ගාම්බීර ලීලාවකින් නැගී සිටි ගේට්ටුවක් අසල නතර විය. ඇය රථයට මුදල් ගෙවා එය පිටත් කර හැර මොහොතක් එ් විසල් ගේට්ටුව දෙස බලා සිටියාය. මේ ගේට්ටුවෙන් එපිට සිටින ඔහුගේ තීරණය මත තම මුල් ජිවිතයම තීරණය වන බව දන්නා නිසාම ඇයට එය විවර කරගෙන ඇතුලටයන්නට මහත් දිරියක් වුවමනා විය. ඇය ගැහෙන ඇගිලි තුඩුවලින් විසල් ගේට්ටුව දරා සිටි සිමෙන්ති කුලුනේ වු විදුලි සීනුව හැඩ වීය. මොහොතනින් මෙහෙකරුවෙකු පැමිණ කුඩා ගෙට්ටුව විවර කලේය.

“සදේෂ්ට කියන්න ලවන්යා ඇවිත් ඉන්නවා කියලා.”

නිවස ත්ලට ගිය මෙහෙකරු මොහොතකින් පැමිණ ඇයට ඇතුලට යන්නට කුඩා ගේට්ටුව හැර ඉඩ සලසද්දි ලවන්යාගේ හිතේ කුඩා බලාපොරොත්තුවක කිරණක් දැල්වුනි. මෙතරම් ලෙහෙසියෙන් ඔහු හමුවට යාමට තමාට හැකි වේයැයි ඇය සිතුවේම නැත. 

ලවන්යා කැටයම් කළ නවීන පන්නයේ දෙපලු දොරෙන් විශාල විසිත්කාමරයට ඇතුල්වන විටම සදේෂ් කට කොනකට සිනහවක් නගාගෙන තරප්පු පෙල බැස එන්නට විය. ඇයට ඔහුව නෙත ගැටෙන විට හිත දරා සිටි මහා වේදනාවක් සමඟ දෑසට කදුලු වුනා ආවත් ඇය එය නොපෙන්වා ඉන්නට දැඩි වෙහෙසක් දැරුවාය.

“මම හිතුවේ නෑ තමුසේ ආයේ මගේ මූණවත් බලන්න කැමති වෙයි කියලා??බලන් ගියහම තමුසේ වල්වක ඉපදුනාට මහ ලැජ්ජාවක් නැති ගෑණියෙක්නේ”

ඔහුගේ අවඥා ගත වදන් ඇගේ පපුව සුරා දැමුවත් ඇය අත මිට මොලවා එය දරා ගත්තාය.

“මටත් ආයේ එන්න නම් ආසාවක් තිබ්බේ නෑ. එ්ත් නෑවිත් බැරි වුනා මිස්ටර් සදේෂ්”

“තමුසෙගේ ලොකුකමනම් තාම ගිහින් නෑ…”

“ඔයා එ් තරම් පහත් දේවල් කරේ මගේ ලොකුකම බස්සන්න නම් … ඔයා සාර්ථකයි. මම වැටුනා තමයි. වැටෙන්න ඔන අන්තම තැනට වැටුනා සදේෂ්. එ් නිසයි මට ..  මගේ අහිංසක අප්පච්චිට අපහස කරපු මිනිහගේ කනුල් දෙක ළඟට මම ආයේ ආවේ.”

ඇය දැඩි වුවත් මහා වේදනාබර හඩකින් පවසමින් එක එල්ලේ එ් සරම් සිනහවින් සැරසුන ඔහුගේ නෙත් දෙස බැලුවාය.

“සදේෂ් මම ප්රේග්නට්…”

ඇය පවසද්දි ඔහුගේ නෙත් තිගැස්සී යනු ඇයට හොදින් පෙනුනි. ලවන්යාගේ දෙතොල් වෙව්ලුවාය. ඇය අමාරුවෙන් දරා සිටි එ් නෙතුවල කදුලු නෙතින් එළියට පැන කොපුල් තෙමා ලන්නට විය.

“මොකක්!!”

“ඔව් සදේෂ් මම ඔයාගේ දරුවෙක්ගේ අම්මෙක් වෙන්නයි යන්නේ.. ඔයාට බෑ එ් දරුවා ඔයාගේ නෙමෙයි කියන්න. එහෙම නේද?”

ඇය අඩියක් ඉදිරියට තබා ඔහුග් වතට එබී ඇසුවේ වෙව්ලමින්ය.

නැවත හමුවෙමු෴

ලවන්යා

හත්වෙනි කොටස

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *