සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු පුරාණ චාරිත්‍ර

සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු පුරාණ චාරිත්‍ර

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හෙවත් හෙවත් සූර්ය මංගල්‍යය නමින් හඳුන්වන ශ්‍රී ලාංකික අපට ම අපටම අනන්‍ය වූ සංස්කෘතිකඋත්සවයක් ලෙසට හඳුන්වා දීමට හැකි ය .

කෘෂිකර්මාන්තයෙන් පෝෂිත වූ ආර්ථික රටාවකින් පිරිපුන් මේ ලක් දෙරණෙහි වසර පුරා තම කාලය ශ්‍රමය වෙහෙස මහන්සි වී නෙලා ගන්නා ලද අස්වැන්න භුක්තිවිඳීමේ හා ප්‍රීතිය සතුට සැමරීමට සේම කෙළිදෙලෙන් විනෝදයෙන් ගත කිරීමට දමෙම සංස්කෘතික උත්සවය හා බැඳුණු තවත් අංශයක් ලෙස ට හඳුන්වා දීමට හැකිය .

කෘෂිකාර්මික  හා බැඳුණු ජීවන රටාවක මුල්තැන දෙමින් සිරිත් විරිත් ඉටු කිරීම ඉතා ඈත අතීතයේ සිටම සිට ම බැඳී පැවැතිණි .

අවුරුදු කාලයට සෑම සිංහල බෞද්ධ හා හින්දු ගෙදරක් ම අලුත් මුහුණුවරක් ගන්නවා ඇත.

අවුරුදු කාලයට සිංහල බෞද්ධයන් හා බැඳුණු අපූරු චාරිත්‍රයක් වේ

නව සඳ බැලීම ..

පරණ අවුරුද්දට මෙන්ම  අලුත් අවුරුද්දට ද අලුත් අවුරුද්දේ පායන  සඳ මෙන්ම තම ජීවිතයේ වාසනාවන්ත බව ජීවිත තුළ ඇති වේවා යන පැතුමෙන් ඉෂ්ට කළ බව අතීතයේ සාක්ෂි දරයි.

නොනගත කාලය

සූර්ය දිව්‍ය රාජයා   මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම සූර්ය සංක්‍රාන්තිය නමින් හඳුන්වනු ලැබේ.

මෙම සංක්‍රාන්ති කාලයේ පැය කිහිපය කාලය අලුත් වසරට හෝ පරණ වසරට නැති කාලයක් ලෙසට හඳුන්වා හඳුන්වා දී ඇති අතර මේ ජෝතිශ්‍ය  වේදීන් විසින් නැකැත් නැති කාලයක් ලෙස ද හඳුන්වා දී ඇත .

මෙහිදී පැරැන්නන් විසින් මෙය අනතුරුදායක කාලයක් ලෙස සලකන අතර සිංහල බෞද්ධයන් විසින් තම ආගමික කටයුතු වල නිරතවීම මූලික කොටගත් කාලයක් ලෙසට හඳුන්වා දීමට හැකිය.

අලුත් අවුරුද්දට සියල්ලටම පෙර ගේ දොර කලඑළි වන අතර අලුතින් ලිප් බැඳ අලුත් සහලින් අලුත් වළඳින අලුත් බත් පිසීම හා සියල්ල සූදානම් කෙරේ .

සූර්ය දිව්‍යරාජයා මේෂ රාශියට ඇතුළු වීමත් සමඟම අලුත් අවුරුදු උදාව සංකේතවත් කරමින් සෑම ගෙදරකම එකම නැකතකට නැකතට ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රය සිදු කෙරෙනු ඇත.

කිරිබත් යනු අපේ සහ සංස්කෘතියේ උතුම් වූ චාරිත්‍රයක් ලෙසට සැලකේ සෞභාග්‍යමත්  ලක්ෂණයක් ලෙස ද සැලකෙන මෙම කිරිබත  තල වර්ග  හකුරු දමා සකස්කර නැකතේ දී පිසීමේ කටයුතු අවසන් කෙරෙනු ඇත.

වැඩ ඇල්ලීමේ චාරිත්‍ර .

මෙහි දී ඇතැම් ප්‍රදේශවල පියා විසින් කැත්තෙන් කිරි ගසකට කෙටීම පොළොව කෙටීම වැනි වු චාරිත්‍ර දක්නට ලැබේ. කෘෂිකාර්මික ජීවිතය හා බැඳුණු සමාජය මෙයින් අර්ථවත් කෙරේ.

නිවසෙහි දරුවන් වේ නම් ඔවුන් පොතපතෙහි හෝ ඉගෙනීමේ කටයුතුවල මේ කාලයේදී නිරත වේ .

ගණුදෙනු කිරීමේ චාරිත්‍රය .

මෙහිදී මූලික තැන මවට හිමිවන අතර ළිඳ සමග කරන සාම්ප්‍රදායික ගණුදෙනුවට අඟුරු කැබැල්ලක් තඹ කාසියක් අඩංගු පොට්ටනිය ළිඳට දමා වතුර පනිට්ටුවක් ඇද ගනියි .

ළිඳ ආලෙවි  කිරීම යනුවෙන් ද මෙය හඳුන්වන ඇති අතර අඟුරු ජලය පිරිසිදු කරන එමෙන්ම අවුරුද්දක් පුරාවට  පවතින මෙම තඹ කාසි මිනිස් සිරුරට අවශ්‍ය ලබාදෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.

ආහාර අනුභව කිරීම .

ගෙදර ගෘහ මූලිකයා විසින් අවුරුදු මේසයේ පහන දල්වා පළමුව තම බිරිඳට හා පිළිවෙලින් දරුවන්ට හා ඥාතීන්ට කිරිබත් කට ගණනේ කවනු ලැබේ.

 මෙයින් කෘෂිකර්මාන්තය හා බැඳුණු පවුලක එකමුතුව සංකේතවත් කෙරෙන චාරිත්‍රයක් ලෙසට පිළිගනී.

 එමෙන්ම සුබ දිසාව බලා නැකතට අනුව අවුරුදු මේසය ඉඳුල් කිරීම යනු මෙම චාරිත්‍රයයි .

එමෙන්ම සුභ වර්ණය සුබ වර්ණ ද ඡ්‍යොතිෂවේදීහු මෙම අවස්ථාවට නියම කරති ආහාර අනුභවයේදී එම වර්ණ ඇඳුම් ඇඳ සිටීම ද විශේෂයෙන් දක්නට ලැබේ ආහාර අනුභවයෙන් පසු තම අසල්වැසියන් හා කැවිලි පෙවිලි වූ අසල්වැසි  පවුල් අතර සුහදතාව වර්ධනය කරගනු ලබන අතර හිතේ කහටක් අමනාපයක් නොමැති බව මෙයින් සංකේතවත් කෙරේ.

හිස තෙල් ගෑමේ චාරිත්‍රය

ඖෂධීය පැලෑටි වලින් පිළියෙල කරන ලද තෙලක් සුබ දිශාව බලා වැඩිහිටියෙකු විසින් හිස ගනු ලබන අතර මෙහිදී හිසට හා පයට ඖෂධ වර්ග වල පත්‍ර තබා මෙම කටයුත්ත සිදු කෙරේ .

මෙසේ  සිදුකරන  ඖෂධ වර්ග ද වසරින් වසර වෙනස් වනු ඇත.

එමෙන්ම අත් මෙයට අතීතයේ සිට හස්තීන් ගේ පවා හිස තෙල් ගෑම සිදු කර ඇත. අද ද එම චාරිත්‍ර පවතී.

 ඉන්පසුව වූ ස්නානය කිරීම සිදුවේ. හිතේ හැටියට නා පිරිසිදු වීම මත අලුත් අවුරුද්ද යහපත් ලෙස පිළිවෙලක් කරගන්නා සේම අයහපත් අයුරින් සියලු කටයුතු සිදු කිරීමට බොහෝ දෙනා ඉත සිතින් මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරති.

මෙවන් චාරිත්‍ර කියා අප කරනවා මිස අද බොහෝ දෙන චාරිත්‍ර හා බැඳුණු අතීත කතාව නොදනී..එහෙයින් අපෙන් ගිලිහී යන මෙවන් චාරිත්‍ර රැක ගැනීම ඔබේත් මගෙත් යුතුකමක් බව දන්වමි.

ජ්‍යෝතීර්‍යවේදිණී චතුරි විජේසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *