සිනාසෙන්න කියාදෙන්න

සිනාසෙන්න කියාදෙන්න

 03 වන කඳුළ

අහස් කුස එකදු තරුවකුදු නැත.

ඇත්තේ කෑලි කැපිය හැකි තරම් වන කළුවරක්ම පමණි.

කුඩා තරු හිසක් හෝ සොයන්නට අනන්තය තෙක් දෙනෙත් දුවවා අනන්‍යා උන්නේ හෙම්බත් වීය.

දෑස රිදෙනවා පමණි.

බිඳකුදු ආලෝකයක් හාත්පස නැත.

මව..ඇය නින්දක වන්නට ඇත.

මධ්‍යම රාත්‍රීයට ආසන්න වුවද නින්ද බොහෝ දුරය.

හෙට යලි පාසල් යා යුතු වුවද දවසම වෙහෙසී ගතට දැනෙන්නේ අප්‍රාණික බවක් වුවද සිත එය තවමත් හති දා දිව යන්නේ කුමක්දෝ සොයන්නටය.

වැටහෙන්නේ නැත.

සවස් කල දැනි හිස්බව තවමත් හදවත වේ.

හරියට පිරී ඉතිර ගිය වැවක දියකඳ එක්වර නිදහස්කර හැරියාක් මෙන්ය.

එහි දැනි ඉලිප්පී පෙනෙන්නේ ගොහොරු මඩ වගුර පමණි.

හදවත මෙතෙක් ඔහු වසා සිටියේ නිල් දියවර මෙනි.

ඒ නිසාම එහි පත්ලේ වූ මඩ ගොහොරුව තමාට පවා මග හැරී තිබුනා නොවේද.

එහෙත් අද සිත ඔහුගෙන් නිදහස් වූ කල ජීවිත වැව් පතුලේ වූ යතාර්ථය දෙනෙත් ඉදිරියේ නිරාවරණයව සිතට දනවන බියකරු මූසල හැඟීම නම් සුළුපටු නැත.

කවරදාකවත් ජීවිතයේ නොදැනුනු අවිනිශ්චිත බවක් අද දැනෙන්නේ ඇයි.

අනා…අදත් කොෆී නෙ.

සළුපිළි හලෙන් පිටව සුපුරුදු ආපන ශාලාවෙ නැවතී ගිය කල ඔහු ඇසුවේ අර ආසම සිනහව දෙතොලග ඇදගෙනය.

අන් දිනවල ඒ හා ම සිතතුල පිපෙන මල් යාය අද විකසිත වූයේ නැත.

හද සූරියකාන්තාව අද ඒ සිනහවේ රශ්මිය අසල පිබිදී ගියේ නැත.

එය නැඹුරු ව තිබුනේ පොළොවටය.

තම කැමැත්ත පමණක් නොව තම හැඟුමක පවා පැහැය නිවැරදිව පවසන්නට වටහා ගන්නට හැකි ඔහුට තම ප්‍රේමය නොපෙනී තිබෙන්නේ කෙසේද.

එසේ නැතහොත් ඔහුට එය පෙනෙන්දිත් නොපෙනෙන ලෙස හිඳිනවාද.

සිත රිදුම් දෙන්නේ ඉඳිකටු තුඩු දහසක් ඇණුනු කලක මෙනි.

ඇතැම් විට ඇය නමින් ඒ සිත තුල වන සෙනෙහස අසල ඒ සිතට තම සිත තුල පිරී ඇති සෙනෙහස දුහුවිල්ලක් තරමට නොවැදගත් වනවා වන්නට ඇත.

ඔහුගේ පැනය අසල වදන් ගලපන්නට නොහැකි වූ තැන හැකිවූයේ යන්තම් හිස සොළවා ගන්නටය.

විශ්වයා උබ??

මටත් කොෆීම දාහන්.

විශ්වගෙ හඩ ඇසුනේ නෙතු මේසය මත සෑම දාරයක්ම පිරිස්සන අතරතුරය.

ආදි…ඔයාට.??

ඒ වදන්වල වූ පෙම්වත් බව හදවතට නම් බර වැඩිය.

ඔහු දෙස නොබලාම ඒ වත මත පෙම්වත් හැඟීම් උතුරන බව පැවසිය හැකි තරමට  ඒ හඩ පෙම්වත්ය.

ඉතින් …බිඳෙන්නට ආසන්න සුසුමක් ලය පතුලටම කොට මිහිදන් කර දැමුවේ කාටත් රහසේය.

ෆලූඩා..

ඇය ඉල්ලා සිටියේ මේ කිසිවෙකුත් ඉල්ලා සිටි පරිදි සරල පානයක් නොවේ.

විශ්ව කට ඇදකර ඉවතට සරදම් සිනහ නැඟුවේ එය ඇසි පසුවය.

මිතුරා ගේ අන්ධ ප්‍රතිපත්තිය හමුවේ ඔහුට දැනෙන්නේ කෝපයකි.

හස්ති…සල්ලිකාර පවුලක බාල පුතු බව ඇත්තය.

එහෙත් ඔහු කවදත් මුදලින් හිස උදුම්මවා ගත් අයෙකු වූයේ නැත.

සෙල්ලක්කාර හැසිරීමක් මෙතෙක් ඔහුගේ ජීවිතයේ වූයේ ද නැත.

අනන්‍යා තමා සහ විහාරා මේ මිතුදම පවත්වන්නේ වසර ගණනක සිටය.

ඒද පාසල් සමයේ ඉදන්ය.

විහාරා තම පෙම්වතිය වෙන්දි තමා හා ඇයද බලාපොරොත්තු වූයේ අනන්‍යා හස්ති හා පෙම් කරනු බලන්නටය.

එහෙත්….කුමකටදෝ හස්ති අනන්‍යා සම්බන්ධව පෙම්වත් වූයේ නැත.

එසේ වුවද අනන්‍යා ගේ සිත තුල ඔහු වන බව විශ්ව දැන ගත්තේ ඒ පාසල් සමය තුලමය.

ඔහු අසල රත්පැහැ වන වත..

දෙනෙතේ වන දිලිසුම..

ඒ පෙම්වත් බැල්ම දුටු නොබෝ දිනකින්ම තමා ඒ පිළිබදව හස්ති විමසූ අයුරු විශ්වට අද මෙන්ම මතකය.

විහාරයි මමයි සෙට් උන එකේ අනන්‍යයි උබයි සෙට් වෙනවනම් මම කැමතියි බං.

ඒකි හොද එකී.

අනික අපි දන්න උන් නිසා කවදාවත් අපෙ ෆ්‍රෙන්ඩ්ශිප් එකට බකට් වැටෙන්නෙත් නෑ.

එදවස පවසන්දි ඔහු සිනාසුනේ හඩ නගමිනි.

මෙහ් විශ්වයා..උඹ එන්නෙ මොකටද කියහන්..

ආහ්..මම මේ එක්සෑම් ඉවර වෙනකම් ඉන්නෙ තොගෙ මගුල් ෆ්‍රෙන්ඩ්ශිප් එකට ෆුලස්ටොප් තියන්න.

උඹ හදන්නෙ මගෙ ඒ හීනෙ බිමට සමතලා කරන්නද.

එබසට විශ්ව අත මිටි කොට ඒ කුසට එල්ල කල පහරින් හස්ති කුස අල්ලා ගත්තේ කෑ ගසමිනි.

මටත් උබ වගෙ අපතයෙක් ඕන නෑ පොල් බූරුවො.

මම මේ උඹ ගැන හිතලා කියන්නෙ.

නැත්නම් අපි වගෙ කල්‍යාණ මිත්‍රයො වෙන ලැබෙන්නෑ.

වෙන නැත්නම්…

පීස් බං..මාව අතෑරපන්.

තවත් උබෙ කල්‍යාණ මිත්‍රත්වය දරා ගන්න මගෙ හඳුන්පතට තේරෙන්නෙ නෑ ..

ඒ නිසා මට පාඩුවේ ඉන්න දීපන්..

සිනාසෙමින්ම සරදම් ලෙස පැවසූ ඔහු හා කල තවත් විකාර කතා බස් බොහෝමයකට පසුව  දෙදෙනාම මොහොතක් පසුවූයේ නිහඬවමය.

මම සිරා කිව්වෙ හස්ති ..

අනන්‍යා නරක කෙල්ලෙක් නෙවෙයි.

අනික ඒකි උබට අකමැති වෙන්නෙ නෑ.

එබසට හස්ති තමා දෙස බැලුවේ විමසිලිමත් නෙතිනි.

ඇයි..අනා උබට එහෙම කිව්වද.

ඒකි කිව්ව මගුලක් නෑ බං..මට එහෙම හිතෙනවා.

අනික ඒකිගෙ කොලිටීස් පට්ට.

වචනයක් අහගෙන නෑ එකෙක්ගෙන්.

හිතලා බලපන්.උබට ඒකිව මැච් වෙනවා.

තමා පැවසූ සියල්ල අසා හිදිමින් ඔහු බලා සිටියේ කොහේදෝ ඈතකය.

මන්දා විශ්වයා..අනා නරක නෑ.

ඒක මමත් දන්නවා.

උබ කියනහැම දේම ඇත්ත.

එයා හොදයි..සෑහෙන්න..ඒ වගෙම දක්ශයි.

ඒත්…මෙතනට…

ඒ අත ලය මතය.

මෙතනට එයාව දැනෙන්නෙ නෑ..

උඹට විහාරව දැනෙන්න ඇති.

අනා ලග ම‍ට ෆ්‍රෙන්ඩ්ශිප් එකක් දැනෙනවා.

ඒත් ඒක අතාරින්න බැරි ලෝභ කමක් නෙවෙයි මචං.

ඒක ආදරේ නෙවෙයි නේද.

ආදරේ ළඟ තියෙන්නෙ අල්ලලා බදාගන්න තරම් හිතෙන ලෝභ කමක් නේද.

මට ආදරේ ගැන එක්ස්පීරියන්ස් නෑ තමයි.

ඒක මෙහෙම වෙන්න ඇති කියලා පැහැදිලි අදහසක් නෑ තමයි.

ඒත්….මම හොදටම දන්නවා අනා ගැන මගෙ තියෙන හැගීම..ඒක ආදරේ නෙවෙයි කියලා මට තේරෙනවා.

එයාව මට ෆීල් වෙන්නෙ යාළුවෙක් විදිහට විතරයි.

ඉට්ස් ජස්ට් අ  ෆ්‍රෙන්ඩ්ශිප් ..නොට් ලව්.

එදවස එසේ කී ඔහුගේ අද හැසිරීම අභියස විශ්ව සිටියේ නොසන්සුන්කමිනි.

අනන්‍යා අත්හැරියට කම් නැත.

ඇය නමින් ප්‍රේමයක් හදවත ගොඩ නොගැසේනම් වෙනකෙකු හා බැදුනට කම් නැත.

එහෙත් නතර වේනම් ඒ  සුදුසු තැනක විය යුතුය.

ආරාධ්‍යා …ඒ නියම තෝරා ගැනීම නම් නොවේ.

බූරුවා…දියමන්තියක් පැත්තකට දාලා තිරුවානා ගල් පස්සෙ දුවලා උඹ කර ගන්න වැරැද්දට කවදහරි උඹ හොදට විදවයි

ඔහු සිතන්නේ පසෙකට වී කොෆී කෝප්පය තොල ගාන අනන්‍යා දෙස බලා සුසුමක් අතහරිමිනි.

ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං

හදවත තවමත් උදාසීනය.

සිසු දරුවන් සමග ගත කරන පැය කිහිපය පියවි ලොවෙන් මදකට මිදෙන්නට ඉසිඹු ලබා දුන්නද හුදකලාවන පළමු තත්පරයම යලි හදවත අරක් ගන්නේ අර පාළු හැගීමමය.

බස් රථයෙන් බැස ගනිමින් කුඩය ඉහලා ගත් ඇය මාවත දිග පා එසෙව්වේ වැටෙන දා බිදු සාරි පොටට බර කරමිනි.

අදත් අසෙනි වැසි වැටෙනු ඇත.

මෙතරම් දාහයක් ඒ නිසාය

අනා නිසයි මේ හැම දේම.

තාත්තට උනත් මාව විශ්වාස තිබුනේ නෑ මම ශොප් එක හොඳට කරයි කියලා.

එයා මේක ඕපන් කලේ මගෙ බලකිරීමට මිසක් මම සක්සස් වෙයි කියන විශ්වාසයකින් නෙවෙයි.

ඒත් අනා නිසා දැන් මේක ගම්පහ විතරක් නෙවෙයි හැම තැනම ෆේමස් වෙලා.

තෑන්ක්ස් අනා..

පෙර දින ඒ හැගුම් බර ස්වරය අසල අන්දනවල දැනෙන උද්යෝගය දැනුනේ නැතිය.

දැනුනේ මොකක්දෝ නිවුනු සැනසුමක් පමණි.

හදවත අරක් ගෙන තිබුනේ හරියට යමක් අහිමි බව වටහා ගත් කල දැනෙන…යමක යතාර්ථය වටහාගත් කල දැනෙන  උපේක්ෂා සහගත බවකින්ය.

විලාසිතා නිර්මාණය සදහා පෙළඹුණේ කුඩා අවදියේ සෑම උපන් දිනකටම මවගෙන් ලද බෝනික්කන් සදහ‍ා විවිධ මෝස්තර සහිත රෙදි කපා තනිව මසා ඇන්දවූ දිනවලය.

තම හැකියාව දැකදෝ මව ඊට අවශ්‍ය ආම්පන්න මෙන්ම අමුද්‍රව්‍ය ද ගෙනැවිත් දී ඊට අනුබල දෙන්දී ඉන් ලද සතුට අදද මතකය.

මහන මැෂිම අතට හුරු වූයේ වයස දොළහේදී පමණය.

කල් ගතවී යන විට මවටද මසා දුන් සළු ගත ලා ඇය පියවර තැබිය.  ආඩම්බරය..මිතුරියන් අමතා තමා පිළිබද කල වර්ණනාවන් සිහිවන කල ඇය මුව සරසා ගත්තේ සිනාවකිනි.

අදද තම එකදු ඇඳුමක් හෝ පිටතින් මිලදී ගන්නේ නැත.

සියල්ල තම නිර්මාණය ය.

ඉතින් හස්ති වෙනුවෙන් කරන මෝස්තර නිර්මාණයන් සදහා ඔහු කරන ගෙවීම් සාධාරණ උවද තමා එය හුදෙක් කලේ විනෝදාස්වාදය සදහාය.

ඊටත් වඩා ඔහු සාර්ථකත්වය වෙනුවෙන්ය.

රෙදිපිළි හල සදහා මුල් දිනවල රාත්‍රීය නිදිවරා කටු සටහන් ඇන්දේ හස්ති ට අවශ්‍ය වූයේ ස්ටයිල් ආරම්භය කොතැනකවත් නොමැති මෝස්තර වලින්ම පමණක් අරඹන්නට නිසාය.

ඉතින් ….එකිනෙකට වෙනස් කාන්තා පිරිමි ළමා මෝස්තර එකසිය පනහක් පමණ නිර්මාණය කලේ සති කිහිපයකින්ය.

අද ඔහු ව්‍යාපාරය රැදී ඇති තැන පිළිබදව ඇත්තේ නිහතමානි සතුටක් පමණි.

දුව..මම එනකම් බලාගෙන හිටියෙ..

සිතුවිලි බිදුනේ අසලින් ඇසි හඩටය.

නැන්දෙ..

අසල්වැසි නිවෙස් හිමි කත..

චිත්‍රා …ඇය කවදත් මව වෙත පෑවේ හිතවත්කමකි.

මහන්සි පාටයි.

ඒ හඩේ තැවරී ඇත්තේ අනුකම්පාවකි.

අනන්‍යා සිනාසුනාය.

අව්ව ගින්දර වගේ නැන්දෙ.

හවස වහිවි.

හ්ම්ම් ..

ඇය මුමුණන්නේ අහසට නෙත් පාමිනි.

නැන්දා ??

ඇය තනන්නේ කුමක් හෝ පවසන්නටය.

එහෙත් ඊට පැකිලෙමින් සිටින බව වැටහි නිසාම අනන්‍යා ඊට අනුබල දුන්නාය.

අනේ මන්දා දරුවො.

මේවා කියලත් බෑ.නොකියත් බෑ.

ඒ හඬ කෙඳිරුමකි.

දෙනෙත් කුඩා තාප්පයට එහායින් පෙනෙන තම නිවස වෙතය.

කියන්න නැන්දෙ.

දුව මං ගැන වැරදියට හිතන්න එපා.

මම මේ යුතුකමක් විදිහට කියන්නෙ

මටත් කෙල්ලෙක් ඉන්න නිසා.

ගෑණු දරුවො වීදුරු බඩු වගෙ.

පොඩි දෙයක් ඇති ඉරිතලලා බිදිලා යන්න.

ඒකයි මේ කියන්නෙ.

අනන්‍යා නිහඩව අසා උන්නාය.

අදත් කවුද මන්දා ඉලන්දාරිය‍ෙක් එහෙ ආවා.

ආපහු ගියෙ පැය දෙක තුනකට පස්සෙ.

අම්මත් ලෙඩින්…දුවත් ගෙදර නැති වෙන්දි එහෙම කරන එක එච්චර හොද දෙයක් නෙවෙයි නේද.

අනික ඔය දරුවට මේ තියෙන කරදර මදිවටද.

තනියම කරන යුද්ධෙ මම නොදන්නව යැ.

මට අවවාද දෙන්න තිබ්බා.ඒත් එක දවසක් කියන්න ගිහින් අහගත්ත හරිය නිසා මම අතෑරලා දැම්මා.

දුවට තමයි මොනා හරි කරන්න පුළුවන් .

ආව ගමන් ඔළුවට විශබීජ දැම්මා කියලා හිතන්න එපා පුතේ..

ඇය පවසන වදනක් වදනක් ගණනේ ඇවිළෙන ගින්න දැනෙන අසරණ බව සගවා ගන්නට නිර්ථක උත්සහයක් දැරූ ඇය චිත්‍රාගේ වදන් අසල අල්වා ගත්තේ ඒ දෑතිනි.

අනේ නෑ නැන්දෙ.

අපි ගැන හොයන තරමට මම එහෙම හිතන්නෙවත් කොහොමද.

පිං නැන්දට.

මම චූටි එක්ක කතා කරන්නම්..

ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං

අතැති බෑගය පසෙක තැබූ අනන්‍යා පා තැබුවේ ආරාධ්‍යා ගේ කාමරය වෙතය.

දොර වසා තිබුනද අගුලු ලා තිබුනේ නැත.

දුටු දසුනින් කෝපයක් දැනුනද දෙනෙත් තද කර වසාගත් ඇය ලය පිරෙන සේ හුස්මක් ගෙන එය සීරුවට මුදා හැරියාය.

ආරාධ්‍යා උන්නේ යහනේ මුනින් තලාව වැතිර ගෙනය.

ඇය නින්දකය.

පෙරවනය වූයේ ඉණ දක්වා පමණි.

නිරුවත් උඩුකය යහනට තදව තිබුනද පිට දෙසින් නිරාවරණයව තිබුනේ ඒ මත වන විවිධ සළකුණු  පෙනෙන ලෙසිනි.

අවුල්ව ගිය යහන මත වූ ඇතිරිල්ල..

තැන තැන විසිකර දමා තිබූ ගත ලා සිටි සළු මෙහි රගදැක්වූ නටකයේ ස්භාවය පිළිබදව නිහඩ ශාක්ෂි සපයන්දි ඇය හුස්මක් ඉහලට ඇද ගත්තාය.

යහන පාමුල බියර් ටින් කිහිපයකි.

කාමරය පුරා පැතිර යන මත්පැන් ගන්ධය හිස තුල ඇතිකරන රිදුම නිසාම එයින් පිටවූ අනන්‍යා ආලින්දයේ වූ අසුනකට කඩා වැටුනාය.

සිත දිව ගියේ මීට මාස ගණනකට පෙර වූ දිනයකටය.

එදිනද තමා පැමිණියේ පාසල නිම වී වෙහෙස වෙමිනි.

පාසලේ සිදුවූ සිදුවීමක් නිසාම සිත තිබුනේ කෝපයෙනි.

එය තවත් වර්ධනය වූයේ ආලින්දයට ගොඩ වූ සැටියේම ඇසි සිනා හඩටය.

ආරාධ්‍යා ගේ කාමරයෙන් නැගෙන හඩට ඇයගේ පමණක් නොව පිරිමි හඩක්ද මුසු වන්දි දෙනෙත් විසල්ව ගියේ හුස්මද සිරවන විටය.

ඇය පැමිණ ගතව තිබුනේ ද කෙටි කලකි.

අඩියට දෙකට කාමරයට ගිය තමා එතුලට වැදුනේ දොරට තට්ටු කරන්නට හෝ පමා නොවෙමිනි.

දුටු දර්ශනය සමග හටගත් කෝපය

පාලනය කර ගන්නට සිරුරේම වූ ශක්තිය යොදවන්නට වූවද එය පහව ගියේ නම් නැත.

මොකද මෙතන වෙන්නෙ..

උස් හඩින් ඇසුවට ඒ තරුණයා ගැස්සී ගියද ආරාධ්‍යාට එය වගක් වත් වූයේ නැතිය.

ඇය තවමත් දෙපා දෙපසට ලා අර තරුණයාගේ දෙපා මත හිදගෙනය.

ඒ දෑත් පැටලී තිබුනේ ඔහු ගෙල වටාය.

සළු පිළි ගත වූවද එයින් ආවරණය වූ ප්‍රමාණයට වඩා නිරාවරිත ප්‍රමාණය ඉහළය.

ආරාධ්‍යා ..මම තමුන්ට කියන්නෙ.

තම කෝපවත් හඩ ගණනකට ගත් බවක් පෙනෙන්නට වූයේ නැත.

එහෙත් කෝපය පුපුරා හැරුනේ ඇය තම දෙපා මතින් ඉවත් කරන්නට තනන තරුණයා තමා දෙසට හරවා ගත් නැගණිය තමා ඉදිරියේම ඒ දෙතොල් හා පැටලී ගිය නිසාවෙන්ය.

ආරාධ්‍යා …තමුසෙ..

දෑස් පෙනුනේ නැත.

පියවි සිහියට එන කල තමා උන්නේ ඈ අතින් අල්ලා පසෙකට කර ඒ කොපුල මතට දැඩි පහරක් එල්ල කර අවසන්වය.

කෝප ගෙන තමා ඉක්මන් වූවා වැඩිදැයි සිතෙන කල සියල්ල සිදුව අවසන් බව වැටහි ගියේ මදින් මද කෝපයෙන් පිරෙන ආරාධ්‍යා ගේ වත දුටු පසුවය.

තමුසෙ..තමුසෙ..මට ගැහැව්වා..කොහොමද එහෙම කරන්නෙ..

ඇය කෑ ගැසුවේ කොපුල මත අත තබාගෙන ය.

ඒ දෑසේ වියරුව අසල අනන්‍යා ගැස්සී ගියාය.

ආ..කොහොමද.

මොකක්ද තමුසෙට තියෙන අයිතිය.

කියනවා.

කවුද තමුසෙ මගෙ.කවුද.

ඇය කෑගසන්නේ උමතුවෙනි.

යහන මත වූ ඇතිරිල්ල ඉවතට විසිකල ඇය යලි තමා අසලටම ලන් වන්දි අනන්‍යා අඩියක් පසුපසට තැබුවේ ලයට අතක් තබාගෙනය.

චූටි ..නංගි..ඇයි මේ..

අවසන අසා ගත්තේ මහත් පරිශ්‍රමයකින්ය.

නංගි..මම තමුසෙගෙ නංගි..තමුසෙට දැන්ද ඒක මතක් උනේ..ආහ්..දැන්ද..

මම අවුරුදු ගානක් අර අපායෙ දුක් විදින්දි තමුසෙගෙ ඔය ආදරේ කොහෙද තිබුනෙ.

අම්මලා දුවලා එකතු වෙලා සැනසීමෙන් ඉන්දි ම‍ේ නංගි ඔය හිත් වල හිටියද.

මම ඉන්නවද මැරුවද කියලවත් බැලුවද…?බැලුවද තමුසෙලා.??

කියනවා.

ඇය අසන්දි දෙන්නට පිළිතුරු වූවද එය වැටහෙන මානසිකත්වයක ඇය නොවුනු බව දන්නා නිසාම වදන් ගිලගන්නවා හැර කරන්නට දෙයක් වූයේ ද නැතිය.

තමුසෙලාගෙ ඔය ආදරේ කියන මඟුල මට එපා.

මට පාඩුවේ ඉන්න දෙනවා.

මම කරන්නෙ මට ඕන දේ.එහෙම එපා නම් මම යනවා මෙහෙන්.

මට එක එකාට ඕන විදිහට ජීවත් වෙලා ඇති වෙලා.

ඇති වෙලා මට.

මට නිදහසක් නැද්ද කොහෙන්වත්..නැද්ද..

එවර කදුළු කොපුල් තෙමමින් ගලන්දි ඇය ඇසි විලාශය අසල දැනුනේ ලය පැලී යන රිදුමකි.

අනන්‍යා ඒ උරහිස් ග්‍රහණය කර ගත්තේ දැනි රිදුම අතරය.

නංගි..අනේ චූටි …

එහෙත් ආරාධ්‍යා ඒ දෑතම ගලවා  ඉවතට ලූවාය.

අතාරිනවා..

තමුසෙගෙ සල්ලි වලින් කාලා ඇදලා ඉන්න නිසා දෙන්නටම ඒක දරා ගන්න බෑ.

ඒකනෙ ඔය.

මම ගියාම සැනසීමෙන් ඉන්න පුළුවන් නෙ දෙන්නට.

ඉන්නවා..කැමති විදිහට ඉන්නවා.

මම යනවා.

චූටි ..යන්න එපා..

ආයාචනා කලද ආරාධ්‍යා එය නැවතූයේ අත්ල ඉදිරියට විදහමිනි.

ඉන්පසු ඇය ඇගිල්ල දිගු කලේ ඒ මුහුණටමය.

ඇති…

අතාරිනවා..තමුසෙ මගෙ කවුරුත් නෙවෙයි.

මට කියලා මොකෙක්වත් මෙහෙ නෑ

ඒ නිසා මාව නවත්තන්න එපා.

මම තමුසෙලාට වෛර කරනවා.

හැමදාම..හැමදාම වෛර කරනවා..

හැම එකාම එකතු වෙලා මගෙ ජීවිතේ කාලා දැම්මා.

දැන්වත් මට මගෙ පාඩුවේ ඉන්න දෙනවා ..

තමා හඬද්දී..එසේ නොකරන ලෙස ආයාචනය කරත්දී ඇය අර තරුණයා හා නික්ම ගියාය.

හඩමින් මව අසලට දිව යන්දි අප්‍රාණික දෙපා වාරු කරගනිමින් යහනෙන් නැගිට ගන්නට ගිය ඇය වැටී සිටියේ යහන පාමුලය.

ඉතින් …එක් පසෙකින් ආරාධ්‍යාය.අනෙක් පසින් මවය.

ඒ විදි වේදනාව මදකට හෝ නිවුනේ දින තුනකට පසු යලි නැගණිය නිවසට පැමිණි පසුය.

ඒ වන විට මවද රෝහලේ සිට නිවසට ගෙනැවිත් තිබුනි.

ඉතින් අවවාද ..කෝප ගැනීම්..හෝ ආයාචනයන් ඇය අසල පලක් නොවන බව වටහා ගත්තේ එක දිගට සිදුවූ එවන් සිදුවීම් සමගය.

කිසිත් නොපවසා සිතෙහි වන බර සුසුමකට මුදා හැර සිත සනසා ගන්නට සිදු වූයේ ඉන් පසුවය.

මේ දරුවා දවසින් දවස වලපල්ලට යන්දි මං හුස්ම ගන්නෙ මොකටද කියලා හිතෙනවා පුතේ.

මම ඇයි මේවා දකින්න ජීවත් උනේ.

මාලතීගේ වැළපුම අදත් සිත යට උල් තුඩක් ඇණී මෙන් රිදවා දමන්දි අනන්‍යා දෙතොල රිදෙන තරම් තදින් සපා ගත්තාය.

මවක ලෙස ඇය විදින වේදනාව නොතේරෙනවා නොවේ.

ඉතින් දුක් නොගෙන සිටින ලෙස පවසන්නේ කෙසේද.

මගෙ දරුවගෙ ජීවිතේ කෑවා.

මට මගෙ දරුවා දීලා ගියානම් මට වැඩි නෑනෙ පුතේ.

මගෙන් පලිගන්න මම අඬා වැළපෙන්දි මගෙ පොඩි එකීව අරගෙන ගියා.

ඒත් කමක් නෑ හොඳට බලා ගත්තනම්.

මාලතීගේ හැඩුම හද පුළුස්සා දමන තරම් දැඩිය.

තාත්තලට එහෙම කරන්න පුළුවන්ද අනා..

දිනක් විහාරා අසත්දී ඒ පැනයම තිබූ තමාට එදා නැගුනේ සරදම් සිනාවකි.

ඔය පුළුවන් වෙලා තියෙන්නෙ විහාරා.

තාත්තා කියන්නෙ පපුවෙ තියාගෙන රකින්න ඕන හැඟීමක්.

ගෑණියෙක් එක්ක ඇදට ගිහින් හෝමෝන උත්තේජනයක් නිසා ඒක නිවෙනකම් දගලලා තමන්ගෙ ශුක්‍රාණුවක් ඒ ගෑණියෙක්ගෙ ඇගට නිදහස් කල පලියට හැම මනුස්සයටම තාත්තා කියන පදවිය දෙන්න බෑ.

ඒකට පේ වෙන්න ඕන.

ආත්මෙන්ම.

එදා තමා ඇයට පැවසුයේ එලෙසය.

අපි ආයෙම ඩොක්ටර් කෙනෙක් ව බලමු අම්මා. අපි එයාව හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නමු.

මම බලන්නම්.

අවසන අනන්‍යා පැවසුයේ මවගේ සිතට තාවකාලික සැනසුමක් ලබාදෙන අරමුණිනි.

ඔය කුමක් කීවද සියළු විසදුම් පවතින්නේ අත් මානයට දුරින් බව ඇය නොදන්නවා නොවේ.

අවසන බර සුසුම අදත් බිදී ගියේ බොල් අහස මතින්ය.

තරු හිසකුදු නොමැති අදුරු අහස මතින්ය.

නිසංසලා සේනාධීර

සෙන්න කියාදෙන්න

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *