සුන්දර වසන්තයක හැඩ

සුන්දර වසන්තයක හැඩ

ගස් වැල් මලින් බර වෙලා ලා දළු දාගෙන එන වසන්ත කාලය දැන් එළඹිලා . ඉතිං විලාසිතා ලෝකයත් මේ ලස්සන වසන්ත කාලෙට ලහිලහියේ සැරසෙනවා .අපි මෙවර මෙවර ලියාරා විලාසිතා පිටුව තුළින් බලමු ලෝකයේ මේ එළඹෙන වසන්ත කාලයේ තියෙන ලස්සන විලාසිතා මොනවද කියලා

🌺1)වර්ණවත් සම් වලින් සැකසූ ඇඳුම්

සම් ඇඳුම් කිව්වම අපිට මතක් වෙන්නේ කළු දුඹුරු පැහැ ආදී වර්ණ වලින් සැකසුම් ඇඳුම් .නමුත් මෙවර වසන්ත කාලයේ මේ සම් ළා කොළ කහ රෝස හා ලා නිල් පාට පැස්ටල් වර්ණ වලින් යුත් සම් ඇඳුම් වලින් සමන්විතයි .පැස්ටල් වර්ණ සම් වලින් සැකසූ කබා සායවල් හා සම් සපත්තු පැරිස් මිලාන් හා නිව්යෝක් වැනි විලාසිතා වේදිකා වල වැඩිපුර දක්නට ලැබෙනවා

🌺2)මල් මුද්‍රිත මෝස්තර

වසන්තය කිව්වම ලස්සනට පිපෙන මල්නම් අපිට අමතක කරන්න බැහැ නේ ඉතින් මෙවර වසන්තයේ ඇඳුම් ලස්සන මල් මුද්‍රිත මෝස්තර ගවුම් සායවල් වලින් සමන්විතයි .ඉතා කුඩා මල් මුද්‍රිත මෝස්තර වලින් මසන ගවුම් යුවතියන් අතර හරිම ජනප්‍රියතාවයක් උසුලනවා

🌺3) පොල්කා ඩොට්ස් එහෙම නැත්නම් බිංදු බිංදු මුද්‍රණ වලින් සමන්විත ඇඳුම්

පොල්කා ඩොට්ස් එහෙම නැත්නම් තැන තැන තුරුණු බිංදු වලින් සමන්විත මුද්‍රිත ඇඳුම් හැමදාමත් විලාසිතා ලෝකයේ ඉහළම තැනක් ගන්නවා .ක්ලැසික් එහෙම නැත්නම් ඉහල වැදගත් කමක් පෙන්වන මේ ඇඳුම් වලින් ඇඳුම් වලින් වසන්තය මේවර සරසනවා

🌺4)දීප්තිමත් නියොන් වර්ණ

නියොන් කහ නිල් සහ කොළ ආදී දීප්තිමත් ලා පැහැති වර්ණ 1990 දශකයේ විලාසිතා ලොව ඉහළින්ම වැජඹුණු වර්ණ .එය 2020 විලාසිතා ලෝකය නැවත කරළියට එන ලකුණු තියෙනවා .ඉතින් මෙන්න අවස්ථාව නියොන් වර්ණ වලින් කැපී පේන්න . අත් බෑග් සපත්තු ආදී ආයිත්තම් වලටත් මේ නියොන් වර්ණය ලස්සනට මුසු වෙලා තියෙනවා .

🌺5) ටැන්ජරින් තැඹිලි පැහැය

2020 වසන්තය වැඩිපුරම ජනප්‍රිය වර්ණය කුමක්ද ඇසුවොත් ඒ දොඩම් ගෙඩියක ඇති දීප්තිමත් ටැන්ජරීන් තැඹිලි පැහැයයි .උත්සව අවස්ථාවලට කාර්යාලයට හා විනෝද ගමන් වලට අඳින ඇඳුම් පමණක් නෙමෙයි අත් බෑග් පාවහන් තොල් ආලේපන ආදී හැම තැනක ම මේ තන තැඹිලි පාට දැක ගන්නට පුළුවන්

🌺5)Hoops earings එහෙම නැත්නම් විශාල රවුම් කරාබු සහ විශාල සම්වලින් සැකසූ පසුම්බි

ආයිත්තම් ගැන කතා කරනවා නම් කතාකරනවනම් විශාල රවුම් කරාබු සහ සම්වලින් සැකසු විශාල අත් පසුම්බි මෙවර වසන්තයේ ආයිත්තම් නැඹුරුවන් අතර අපිට දක්නට ලැබෙනවා .

ඉතින් විලාසිතාවලට ආදරය කරන ශ්‍රී ලාංකික අපිට ලියාරා තුළින් නවීන ලෝකයේ වසන්ත විලාසිතා නැඹුරුවන් ගෙන ඒමට කරන පුංචි උත්සාහයක් මේ .නැවතත් නවීනතම විලාසිතා සමග ඉදිරි ලිපියකින් හමුවෙමු .

ඉරංගා එදිරිසූරිය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *