සුව දිවි නිරතුරු සුරකිමු සුමිතුරු 3

සුව දිවි නිරතුරු සුරකිමු සුමිතුරු 3

සුව දිවි නිරතුරු සුරකිමු සුමිතුරු 3

   දයාබර යෙහෙළියනි , දීර්ඝ විවේකයකින් පසු නැවතත් ඔබ හමුවන්නේ මෙම ලිපි මාලාවේ අවසන් දිග හැරුමත් සමගිනි. මෙවර කාලාපයේ අපගේ අරමුණ වන්නේ අධිබර මර්ධනය සදහා වන ඖෂධ , ශල්‍යකර්ම හා ඒවයේ අතුරු ආබාධ පිළිබඳ ඔබ දැනුවත් කිරීම වේ.

අධිබර මර්ධනය සදහා වන ඖෂධ භාවිතය අවශ්‍ය වන අවස්ථා දෙකකි. ඒවා නම් ;

  1. ශරීර ස්කන්ධ දර්ශකය 25ට වැඩි හා අධිබර සම්බන්ධ සංකුලතාවයන් එකක් හෝ එයට වැඩි වීමයි .  (අධිබර හා සම්බන්ධ සංකුලතාවයන් පිළිබඳව මෙම ලිපි මාලාවේ පළමු කොටසින් ඔබ දැනුවත් කර ඇත .)
  2. ශරීර ස්කන්ධ දර්ශකය 30ට වැඩි හා අධිබර සම්බන්ධ සංකුලතාවයන් වලින් තොර අවස්ථාව න්

පළමුව අපි මේ සදහා සුලබ භාවිතා වන ඖෂධ කිහිපයක් පිළිබඳ විමසා බලමු.

  1. ඔර්ලිස්ටාට්

     මෙම ඖෂධය ලයිපේස් නම් එන්සයිමය නිශේධනය කරමින් , කුඩා අන්ත්‍රය තුළින් මේදය අවශෝෂණය අවම කරයි. මෙම ඖෂධය මගින් 30% මේදය සහ කැලරි අවශෝෂණය පහත හෙළයි. නියමිත මාත්‍රා ව වන්නේ 120mg දිනකට තුන් වරක් ආහාර වේල් සමඟ වේ.

    නිතරම මලපහ කීරීමේ අවශ්‍යතා ය ,මල සමඟ මේදය පිට වීම, මේදයේ ද්‍රාවය විටමින වන විටමින් කේ,  ඒ , ඩී , ඊ ඌණතාවය අතුරු ආබාධ ගණයේලා සැලකේ. මේදය අඩු ආහාර වේලක් ලබා ගැනීම , මේදයේ ද්‍රාවය විටමින අතිරේකව ලබා ගැනීම මගින් අතුරු ආබාධ අවම කර ගත හැකි වේ.

           මෙම ඖෂධය මගින් 5% සිරුරේ බර අඩු වීමක් පළමු වසර තුළ දී ලගාකර ගත හැකි වේ.

  • ලකාසෙරින්

       කුසගින්න හා ආහාර රුචිය අවම කීරීම මෙමගින් සිදු කරයි . වසරක බර අඩු වීම මුළු බරින් 5% – 6% පමණ වේ.

ෆෙස්මර්මයින් , ලිරග්ලුටයිට් මේ සදහා උදාහරණ කිහිපයකි.

ඉහත සදහන් කවර ඖෂධයක් වුවද නිසි පුහුණුව ලත් බලධාරියෙකුගේ නිර්දේශයකින් තොරව භාවිතා කීරීම නුසුදුසු වේ. තවද ගර්භණී භාවය අපේක්ෂා කරන කාන්තවන් මෙන්ම ගර්භණී මව්වරු මෙම ඖෂධ වලින් වැළකී සීටීම යෝග්‍ය වේ.

මෙම ඖෂධ භාවිතා කරන අතරතුර ආහාර පාලනය , වයායාම් වල යෙදී ම අනිවාර්ය වේ.

        අධිබර මර්ධනය සදහා වන ශල්‍යකර්මද මේ දින වල ඉතා ජනප්‍රිය වේ. මෙම ශල්‍යකර්ම වල ප්‍රධාන අරමුණ වන්නේ ආමාශ ධාරිතාව අවම කිරීම මගින් පුද්ගලයකු පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය අවම කීරීම හා කුඩා ආන්ත්‍රික පරිමාව අවම කීරීම මගින් ආහාර අවශෝෂණය අවම කිරීම වේ.

මෙම ශල්‍යකර්ම සදහා වන නිර්දේශ නම්;

1.ශරීර ස්කන්ධ දර්ශකය 30ට වැඩි වීම  හා අධිබර සම්බන්ධ සංකුලතාවයන් එකක් හෝ එයට වැඩි වීමයි .

2. ශරීර ස්කන්ධ දර්ශකය 35ට වැඩි වීම හා අධිබර හා සම්බන්ධ සංකුලතාවයන් තොර වීම

මේ දිනවල සුලබ බෝ නොවන රෝග පිළිබඳ ඔබේ දැනුම යම්තාක් දුරට පුළුල් වුවා යැයි අපි විශ්වාස කරමු. බෝ නොවන රෝග වළක්වා ගැනීමට එම දැනුම ඉවහල් වේ යැයි ද අපි අපේක්ෂා කරන්නෙමු.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *