සෙල්ලමෙන් පාඩමක්

සෙල්ලමෙන් පාඩමක්


අපි පොඩි කාලෙ කරපු සෙල්ලමක් තමයි අද මම ආයෙම ඔයාලට මතක් කරන්නෙ.

එදා අපි සෙල්ලමට කරපු දේ අද අපේ ළමයි එක්ක, එයාලට දැනුම ලබාදෙන ක්‍රියාකරකමක් විදියට කරන්න පුලුවන්.

මම හැම වෙලාවෙම උත්සහ කරන්නෙ මගේ ළමයින්ට සෙල්ලමින්ම උගන්නන්න.

ඉතින් අද මේ කියන්නෙත් ඒවගේ මං කරපු දෙයක් ගැන . අපි කවුරුත් පොඩිකාලෙ කොලයක් නමල පහත පින්තූරෙ විදියට හදල සෙල්ලම් කරා ඔයාලට මතක ඇති.

ඉතින් මම මගේ පුතාලට උගන්නන්න ඕන දේවල් ඒකෙ ල ලියල මේ විදියට හැදුව.

පොඩි පුතාට ඉංග්‍රීසි අකුරු, ඉලක්කම .

ලොකු පුතාට ඉංග්‍රීසි පොඩි වචන – එයා තෝරගන්න වචනෙන් එයාට වාක්‍යයක් කියන්න කියල කිව්ව.

තව සිංහල වචන ලියලත් එකක් හැදුව. අපි සාමාන්‍ය ජීවිතයේ කතාකරන වචන ලියල. එයාලට සිංහල කතාකරන්න පහසු වෙන්න්.

ඔයාලට පුලුවන් ඔයාල ගෙ ළමයින්ගෙ වයසට අදාල දේවල් මේ කෙ ලියන්න.

එකතු කිරීම, අඩු කිරීම, බෙදීම වගේ දේවල් ලියන්නත් පුලුවන්. තමන්ගෙ වාරෙදි තමන් තෝරගන්න ගාන තමන් හදන්න ඕන.

ටිකක් ලොකුවචනයක අකුරු අඩුවෙන් ලියල හිස් තැනටෙ එන්න ඕන අකුර කියන්න වගේ දේවල් කරන්නත් පුලුවන්.

ඉතින් ඔයාලත් මේවගේ සෙල්ලම් වලින්ම දරුවන්ට උගන්නනවනම් එයාල හුගක් කැමති වෙයි.



මම හැම වෙලේම උත්සහ කරනව මෙගේ ළමයින්ට ගුනම දේ දෙන්න .

ඉතින් අද සීනි පිටි නැති බනානා ඕට්ස් මෆින් එකක් කමු.



(පැනි රස ඇවිල්ල තියෙන්නේ බනානා සහ හකුරු වලින් ඔයලාට හකුරු වෙනුවට චොකලට් කැබලි ගන්නත් පුලුවන් වලින් )


ඕට්ස් කප් 3 ( මේ කෙන් බාගයක් මම හොදට පිටි කරල ගත්ත.

බේකින් පවුඩර් තේ හැදි 2
බේකින් සෝඩ තේහැදි 1

ස්පයිස් කුඩු තේ හැදි 1 (කුරුදු පොතු දෙකක්, එනසාල් ඇට තුනක්, කරාබු නැටි දෙකක් කුඩු වෙන්න කොටා ගන්න)

බිත්තර 2

ලුනු තේ හැදි බාගයක්

හොදින් ඉදුනු කෙහෙල් ගෙඩි 3

කිරි කෝප්ප 1.5

චොක්ලට් චිප්ස් /රට ඉදි කැබලි/ බ්ලූ බෙරි /රාස් බෙරි කැමති දෙයක් හෝ කජු ටිකක්


ඕට්ස් , ලුනු, බේකින් පවුඩර්,බේකින් සෝඩා, ස්පයිස් කුඩු ටික කවලම් කරන්න.

කෙසෙල් ටික වෙන බාජනයක ගෑරප්පුවකින් හොදින් පොඩි කරගන්න.

දැන් බිත්තර , කිරි එකතු කරන්න

දැන් ඕට්ස් සහ කුරුදු කුඩු මිශ්‍රණය කවලම් කරන්න.

දැන් කැමති විදියට චොකලට් චිප්ස්, රට ඉදි කැබලි, බ්ලූ බෙරි හෝ රාස් බෙරි එක් කරගන්න.

කැමති නම් සීනි ටිකක් දා ගන්නත් පුලුවන්.

මිශ්‍රණය දියාරු වැඩිනම් තව ඕට්ස් මේස හැන්දක් දෙකක් එකතු කරන්න
ගොඩක් වියලි ත් නැති දියාරු ත් නැති මිශ්‍රණයක් තියෙන්න ඕනේ..

මෆින් හෝ කප් කේක් ලයිනර්ස් කප් කේක් ට්‍රේ එකකට දමා සෙල්සියස් අන්ශක 160 උෂ්ණත්වය විනාඩි 20ක් 25ක් හොදින් සෙට් වෙනතුරු, මතුපිට දුබුරු පැහැ වනතුරු බේක් කර ගන්න.


හර්ෂණී රණසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *