යෝග අභ්‍යාස-7 – වජ්‍රාසනය (Thunderbolt pose)

යෝග අභ්‍යාස-7 –   වජ්‍රාසනය (Thunderbolt pose)

 අප්‍රේල් මාසය එනම් සිංහල හින්දු අලුත් අවුරුදු මාසය කියන්නේ රසම රස  දේශීය කෑම වල රස බලන්න පුළුවන් කාලේ .ඉතින් කෑම වල රස විඳින එක වගේම අපේ ශරීර සෞඛ්‍යය ගැනත් ටිකක් හිතන්න ඕනේ. ඒ නිසාම ආදරණීය ඔබ වෙනුවෙන්ම කෑම ගත් විගස රැඳී සිටිය හැකි ඕනෑම  බර ආහාරයකවිනාඩි පහක් දහයක් ඇතුළත දිරවන බොහොම වටින හිද ගැනීමේ ආසනයක් අද ලියාරා යෝග පාඩමින් මා ඔබට හඳුනදෙනවා .

මෙහි  වජ්‍ර   යනු දියමන්තිය නොහොත් අකුණු සැරය ලෙස අර්ථ දැක්වේ. මෙම ආසනය චීන , කොරියන් ජාතිකය න් ආහාර ගැනීමේදී හිඳගන්නා ආසනයයි. අපටත් ආහාර ගන්නා විට  රූපවාහිනිය බලන විට ආහාර ගත් පසුව විවේකීව සිටිය හැකි බොහෝ ගුණ දෙන ආසනයකි.

යෙදෙන ආකාරය

  1. මුලින්ම බිම වාඩිවී පාද දිගහැර දෙඅත්ල කලවා අසල පොලවෙ තබා කොන්ද සෘජුව තබාගෙන රැඳී සිටින්න.
  •   දැන්  සෙමින් දකුණු පාදය දණහිසින් ඇතුලට නවන්න දකුණු අත පොළලවට තබා වම් පාදයද දණහිසින් ඇතුලට නවන්න.
  • දැන් පාද  පතුල මත  වාඩිවී   දෙඅත්ල කලවා උඩ තබා ගන්න කොන්ද සෘජු කර හිස කෙළින් තබා ගෙන මුළු සිරුරම සැහැල්ලු කරන්න ඇස් වසා සාමාන්‍ය ආකාරයට හුස්ම ගැනීම් පිට කිරීම සිදුකරන්න. හුස්ම කෙරෙහි අවධානය යොමු කරන්න .
  • මෙහි වාඩි වී සිටින විට දෙපා ළඟ යටි පතුල උඩට හරවා තැබිය යුතුය. ආධුනික අවස්ථාවේදී හිඳ ගැනීම අපහසුනම් දණ හිස ප්‍රදේශයට කොට්ටයක් තබා හිඳ ගත හැක . අවශ්‍ය නම් දණහිස සහ යටි පතුල් අතර ප්‍රදේශයට ද කොට්ටයක්   තබා හිඳ ගත හැක.

වජ්‍රාසන යේ යෙදීමෙන් ලැබෙන කායික ප්‍රතිඵල

1 . ආහාර ජීර්ණ  ක්‍රියාවලිය පහසු කරයි.

 2.ආහාර ගත් විගස ආසනයේ රැඳී සිටිය හැක,( සාමාන්‍යයෙන්, ආහාර ගත් විගස යෝග ආසනවල යෙදෙන්නේ නැත)

3.මනස සැහැල්ලු හා ස්ථාවර කරයි.

4.  රුධිර සංසරණය වැඩි කරයි.

5. කලවා මාංශ පේශීන් ,සන්ධි, වලලුකර, දණ්හස් ශක්තිමත් කරයි.

6.භාවනා කිරීම සඳහා සුදුසු ආසනයකි.

7. ගුද මාර්ගයේ සිට සෙන්ටි මීටර් තිහක් දුරින් පිහිටි කන්ද ස්ථානය නමැති නාඩි  72,000 සම්බන්ද වන කොටස මෙමගින් ක්‍රියාකාරී වේ.

ප්‍රතිකාර මය වැදගත්කම්

1. අධි රුධිර පීඩනය ඇති අයට සුදුසුයි.

 2. මුත්‍රා සම්බන්ධ රෝග නිවාරණයට

3. වාත රෝග බැහැර කරයි.

4. මල බද්ධය උදර ආම්ලික තාවය ඇතුළු අනෙකුත්   උදරාබාධ සුව කරයි.

5.ඔසප් රෝග දුරු කරයි

6.  ගර්භිණී සමයේ දෙවන කාර්තුවේ දී ඇතිවන කකුල් ඉදිමීම අවම කරයි.

7. තරබාරු අයට  ගුණදායකයි .

8.පිටකොන්දේ වේදනා  හා ආතරයිටීස් ඇති අයට සුදුසුයි.

9. ශරීරයේ  සුදු රුධිරාණු වැඩි කරයි.

නුසුදුසු අය

1 .  සන්ධි ආබාධ ඇති අය.

2 .දනහිස් හා වළලූකර අනතුරු වූ අය

3. මෑතක හිසේ ආශ්‍රිත ශල්‍යකර්ම සිදුකළ අය

 සැලකිය යුතුයි

 * ගර්භනී මාතාවන්ට සුදුසු වුවද පළපුරුදු යෝග උපදේශක වරයකු නොමැතිව පුහුණු වීම නුසුදුසු වේ.

වජ්‍රාසන යේ සිට හිතේ හැටියට අවුරුදු කෑම වල රස බලන්න කියලා ඔබ සැමට ආරාධනා කරනවා.

 ඔබ සැමට වාසනාව ඉතිරෙන සුභම සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!

හරේ ඔම්!

දුලිනි ද වාස්  ගුණවර්ධන

 සෙත්  සඳ යෝග නිකේතනය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *