සොබා දහමට එක් වූ කලාව

සොබා දහමට එක් වූ කලාව

මේ අපූරු නවාතැන පිහිටා තිබෙන්නේ ප්‍රංශයේ.

සුප්‍රසිද්ධ පුයි ඩු ෆූ තේමා උද්‍යානයට ආසන්නව පිහිටි ලෙස් එපෙස්ස් වනාන්තරයේ පිහිටා ඇති ටෙරාගෝරා ලොජ්ස් පරිසර ගම්මානයක් මෙන්ම නිර්මාණශීලීත්වයේත් සංකලනයකි.

සොබා දහම හා අනුකූලව විවිධ තේමා යටතේ නවාතැන් ගැනීමට සාදා ඇති කුටි තුනකි. ඒ අතරින් ඔබට ලී පැල්පතක්, සමනල කෝෂ සංකල්පයේ නවාතැනක්, මඩ වලින් තැනූ නිවෙසක් ආදී තෝරාගැනීම් ඇත.
මේවා නමින් බරෝ, ක්‍රයිසාලිස් සහ වෝටර් ලිලී වන අතර බරෝ ලොජ් නිර්මාණය කර ඇත්තේ අතින් සාදන ලද මැටි ගෝලාකාර වලිනි.





පොකුණක අද්දර පිහිටුවා ඇති වෝටර් ලිලී සිතුවමකට සමාන ලස්සන නවාතැන වෝටර් ලිලී නම් වේ.

කෝෂයක හැඩයට ඇත්තේ ක්‍රයිසාලිස් නවාතැනයි.

සෑම කුටියකට අනන්‍ය වූ නිර්මාණාත්මක බවක් ඇති අතර බොහෝ ඒවාට පෞද්ගලික බැල්කනි තනා ඇත්තේ කෙනෙකුගේ පෞද්ගලිකත්වය සුරැකෙන අයුරිනි.

මීට අමතරව විවිධ තේමාවන් යටතේ තැනූ තවත් නොයෙක් නවාතැන්ගැනීමේ කුටි ඇති අතර සමහර ඒවා පොදු නානකාමර වලින් යුතු වේ.



ඔබ පිටතට යාමට කැමති නම්, ප්‍රදේශයේ ස්වාභාවික සුන්දරත්වය තුළ ගිලී යාමට ඔබට ඉඩ සලසන කඳු නැගීමේ මාර්ග ඕනෑ තරම් තිබේ. නැතහොත් ගොල්ෆ්, සාප්පු සවාරි සහ දර්ශන නැරඹීම සඳහා අසල පිහිටි චොලෙට් වෙත යා හැක

ඔබට සුන්දර නිවාඩුවක් අපූරු නවාතැනක ගත කිරීමට හැකි වේවි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *