ඉර්ෆාන් ඛාන්

ඉර්ෆාන් ඛාන්

1967 ජනවාරි මස 07 වෙනිදා මෙලොව එළිය දුටු ඉර්ෆාන් ඛාන් 1988 වසරේ සලාම් බොම්බේ චිත්‍රපටයේ අවශේෂ චරිතයකට පණ පෙවීමත් සමඟ බොලිවුඩයට පා තැබුවා.


සලාම් බොම්බේ


ඉන් අනතුරුව 2001 වසරේ බ්‍රිටිශ් වොරියර් චිත්‍රපටයද, 2003 සහ 2004 වසර වල හාසීල් සහ මඛ්බූල් යන ටෙලි නාට්‍ය ද්විත්වයෙන්ද සිය රංගන කෞශල්‍ය විදහා පෑමට සමත් වුණා.


මෑතකදී රඟපෑ චිත්‍රපට අතරින්
2013- ලන්ච් බොක්ස්
2015 -පීකු
2015- තල්වාර් යන සිනමා නිර්මාණ ප්‍රධාන වන අතර බොලිවුඩයෙන් නොනැවතුණු ඔහු හොලිවුඩය කරා පිය මැන්නේ ඔහු සතුව තිබු සුවිශේෂී රංගන කෞශල්‍යය නිසාමය.

2006 -නාම්සේක්
2007 – ලයිෆ් ඉන් මෙට්‍රෝ
2011 – පාන් සිං තෝමාර්
ආදී චිත්‍රපවට වල රංගනයෙන් දායකත්වය සැපයූ ඔහු විටින් විට හොඳම නලුවාට හිමි සම්මාන වලින් පිදුම් ලද්දෙක්.

2012 වසරේ අමේසින්ග් ස්පයිඩර් මෑන් සහ ලයිෆ් ඔෆ් පයි යන හොලිවුඩ් සිනමා නිර්මාණ ද්විත්වයට පණපෙවූ ඉර්ෆාන් ඛාන් 2015 වසරේ ජුරාසික් වර්ල්ඩ් සිනෙමා නිර්මාණයට සහ 2016 වසරේ ඉන්ෆර්නෝ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා.

Amazing Spider-man

Inferno

ශ්‍රී ලාංකේය රසිකයින් අතර ඔහු 2009 වසරේ රඟ පෑ බිල්ලු බාබර් චිත්‍රපටය අතිශය ජනප්‍රිය වුණා.


බිල්ලු බාබර්

ඔහු වැඩිම ආදායමක් ඉපයූ හින්දි සිනෙමා නිර්මාණය වූයේ 2017 වසරේ තිරගත වූ හින්දි මීඩියම් චිත්‍රපටයයි.
ඔහු රඟපෑ අවසන් නිර්මාණය එම චිත්‍රපටයට සමඟාමී නිර්මාණයක් වූ අන්ග්‍රේසි මීඩියම් ( ඉංග්‍රීසි මාධ්‍යය ) නම් නිර්මාණයයි.

Hindi Medium

වසර 30කට අධික කාලයක් දේශීය සහ විදේශීය නිර්මාණ 50කට අධික ප්‍රමාණයකට දායකත්වය දුන් ඉර්ෆාන් ඛාන් ජාතික චිත්‍රපට සම්මානය, ෆිල්ම් ෆෙයා සම්මානය ඇතුළු සම්මාන රාශියක් ලබා ගත්තෙකි.

මේ ඔහුගේ අවසන් චිත්‍රපටය අන්ග්‍රේසි මීඩියම්

මීට අමතරව ඉන්දියාවේ සිවිල් පුරවැසියෙකුට ලැබිය හැකි ඉහළම සිව් වෙනි සම්මානය වන පද්මශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබීය.

මේ අසහාය කුසලතාවයන්ගෙන් හෙබි අපූරු රංගන ශිල්පියා ලොවක් හඬවා 2020 වසරේ අප්‍රේල් මස 29 වන දින සිය දිවි මංසැරිය නිමා කළේය.

හංසනි හිදැල්ලආරච්චි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *