ඉන්ටවිවි එකකට නිවැරදිව ඇඳුම් අඳිමුද?

ඉන්ටවිවි එකකට නිවැරදිව ඇඳුම් අඳිමුද?

සම්මුඛ පරීක්ෂ්ණයක් එහෙමත් නැත්නම් ඉන්ටවිවි එකකට යන්න ඔබට ඕනේ තරම් අවස්ථා ලැබිලා ඇති. ගියපු හැම ඉන්ටවිවි එකම ඔබ පාස් වෙලත් ඇති.
ඉන්ටවිව් එකකට යද්දි හැම වෙලේම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි

” First Impression Matters”

කියන දේ. ඒ කියන්නේ හැම වෙලේම ඔබගේ මුල්ම හමුව ඉතාම වැදගත් කියන දේ. ඒ නිසා ඔබ, ඔබව නිවැරදි ලෙස ඉදිරිපත් කළ යුතුයි.
බොහෝ විට ඔබ සම්මුඛ පරීක්ෂණය සඳහා මුහුණ දෙන්නේ ඔබ මින් පෙර හමු වී නැති පිරිසක් සමඟ.

මුහුණ සහ කොණ්ඩය

සෑම විටම ඔබගේ කොණ්ඩය ගැන සැලකිලිමත් විය යුතුයි. කොණ්ඩය මනාව පීරා සකස් කර තිබිය යුතුයි. සෑම විටම කොණ්ඩය බැඳගෙන යායුතුයි කියලා නියමයක් නෑ, නමුත් ඔබගේ මුහුණට සහ අවස්ථාවට උචිත විය යුතුයි.

මුහුණ හොඳින් පිරිසිඳු කර ඇහි බැම මනාව සකසා තිබිය යුතුයි.

මේකප් කරනවා නම් ඉතාම සරල මේකප් එකක් කල යුතු අතර ඕනෑවට වඩා දිලිසෙන මුහුණක් සහ තද පැහැ තොල් ආලේපන සුදුසු නැහැ, නමුත් ඔබගේ මුහුණට ගැලපෙන තොල් ආලේපන නම් ගැටලුවන් නෑ.

කරාබු පළඳිනවානම් අනුමත වන්නේ එල්ලා නොවැටෙන සරල කරාබු පැළඳීමයි.

ඇඳුම් – සාරි සහ ඔසරි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයට ඉන්ටවිව් එකකට යනවා නම් වඩා සුදුසු සාරිය හෝ ඔසරියෙන් සැරසීමයි.

සාරිය හෝ ඔසරිය අඳිනවා නම් සුදුසු වර්ණ සහ හැට්ට ගැලපීම ඉතාම වැදගත්. බොහෝ විට තද රතු, දම්, රත්‍රන් පැහැ වර්ණ වෙනුවට ඇසට සෞම්‍ය අලු, නිල්, කොළ වැනි වර්ණ භාවිතා කරන්න.
හැකිනම් කොට්න් සාරි භාවිතා කරන්න. එවිට ඉතාම හොඳ පෙනුමක් ලැබෙනවා.


හැකි තරම් වර්ණවත් බෝල බෝල, මල් සහිත හෝ ලිය වැල් සහිත සාරි භාවිතා කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට තනි පාට හෝ පාට කීපයක් පමණක් ඇති කලබල ගතියෙන් තොර සාරි භාවිතා කරන්න.

සාරි හැට්ට ගැන කියනවා නම් වඩාත් සුදුසු වෙන්නේ කර ලොකුවට කපපු නැති, එක එක මෝස්තර නැති අත් තියෙන සාරි හැට්ට.

නමුත් දැන් හයි නෙක් හැට්ටත් ඉන්ටවිවි වලට අඳින මෝස්තරයක් වෙලා තියෙනවා.

හැට්ටේ ටසල් එහෙම නැති එකක් වුනා නම් වඩාත් හොඳයි.

ඔසරියක් නම් සරල වන තරමට ලස්සනයි. ඒ වගේම ශරීරය නිරාවරණට වන කොටස පුලුවන් තරම් අඩු විදියට ලස්සනට අඳින්න බලන්න.

සාරි සහ ඔසරි අඳිනවා නම් නීට් වීම අනිවාර්‍යයි. රැලි ටික ඔහේ පැත්තකට වැටෙන්න සහ පොට හිතෙන විදියට අතෑරලා අඳින්න එපා.

අඳින්න කලින් සාරිය අයන් කරගන්න. පොඩි වුණු පාරවල් එක්ක සාරි අඳින්න එපා.

ඒ වගේම ගැලපෙන පාවහන් යුවලක් පළඳින්න. ඔබට ඇවිදීමට අපහසුතාවයක් නැති පොඩි හීල් එකක් සහිත එකක් නම් වඩා හොඳයි. සමහරු සාරි වලට කෝට් ශූස් දානවා. ඒකත් ලස්සනයි.

හැබැයි ඕපන් සෙරෙප්පෙ හරි සැන්ඩ්ල්ස් හරි දානවා නම් අනිවාර්‍යයෙන්ම ඔබේ කකුල ගැන සැලකිලිමත් වෙන්න.
නියපොතු කොටට කපලා කකුල පිරිසිඳුව තියෙන්න ඕනේ.
නිය ආලේපන නම් කකුලට ඕනෑම වර්ණයක් ගැටලුවක් නෑ.
හැබැයි නිය ආලේපණ ගල්වලා ඒවා නියපොත්තෙන් පිටට විසිරිලා ඇත්නම් ඒවා පිරිසිදු කරගන්න ඕනේ.

ආභරණ ගැන කියනවා නම් කරට එක චේන් පොටක් හෝ පබලු වැලක් (කුඩා ප්‍රමාණයේ ) හෝ සාරි වලටම එන එක මාල්‍යක් සමඟ ඔරලෝසුවක් හෝ කුඩා වලල්ලක් හෝ බ්‍රේස්ලට් එකක්.
ඔය එකක්වත් නැතුව වුනත් ගැටලුවක් නෑ, නමුත් සාරියට ලස්සනයි අතට කුමක් හෝ එක් පළඳනාවක්.

ඉතාම සරල චාම් පළඳනා විය යුතුයි.

වෙනත් ඇඳුම්

වෙනත් ඇඳුම් අඳිනවා නම් ඉන්ටවිව් එකකට වඩා සුදුසු යැයි සම්මත ඇඳුම් අපි අතරේ තියෙනවා.

  1. ෆෝමල් ගවුම්
    මේවා බොහෝ විට තනි පැහැයෙන් හෝ පාටවල් දෙකකින් විය යුතු අතර බෝල බෝල, ප්‍රින්ටඩ් හෝ විවිධ මෝස්තර වලින් තෝරා නොගත යුතුයි.

බොහෝ විට ඉතා කොට හෝ ඉතාම දිග නැතිව දණහිස ළඟට හෝ දනහිසෙන් මඳක් පහළට වන්නට තිබීම හොඳයි.

ශරීරය අනවශ්‍ය ලෙස නිරාවරණය නොවිය යුතුයි.

  1. සාය, කලිසම සහ බ්ලවුසය

බොහෝ විට සායක් හෝ කලිසමක් සමඟ බ්ලවුසයක් අඳිනවා නම් බ්ලවුසය යට කරලා අඳින එක සුදුසුයි. බ්ලවුසය ලා පැහැති තනි වර්ණයෙන් හෝ ඉරි හෝ කොටු රටාවලින් තෝරාගැනීම සිදු කරන්න.
මල් මෝස්තර හෝ විවිධ වර්ණ තෝරාගන්න එපා.

බ්ලවුසයේ අත් සාමාන්‍ය තරමට හෝ 3/4 විය යුතුයි. අත් නැති බ්ලවුස් සාමාන්‍යෙන් අඳින්නේ නැහැ. විවිධාකාරයේ මෝස්තර සහිත බ්ලවුස් වලට වඩා සරල සාමාන්‍ය බ්ලවුස් තෝරාගන්න.

ෂර්ට් බ්ලවුස්ම අඳින්න ඕනේ කියලා නියමයක් නැහැ.

සාය සාමාන්‍යෙන් දණහිස දක්වා ටයිට් සායක් හෝ දණහිසෙන් මඳක් පහළට ඇති ටයිට් සායක් නම් වඩා සුදුසුයි. සාමාන්‍යෙන් ඉතා දිග හෝ ඉතා කොට සායවල් අඳින්නේ නෑ.

සාය තද පැහැයක් හෝ බ්ලවුසය හා ගැලපෙන පැහැයකින් යුතු විය යුතුයි. සම්මතය වන්නේ සාය තනි වර්නයක් හෝ වර්ණ දෙකකින් පමණකින් යුතු වීමයි.
ප්‍රින්ටඩ් සායවල් සාමාන්‍යෙන් සම්මුඛ පරීක්ෂණයකදී අඳින්නේ නෑ.

කලිසමත් බොහෝ වෙලාවට තද පැහැති වීම තමා සම්මතය. හැබැයි ලා අලු, ලා දුඹුරු වගේ වර්ණත් අඳින්න පුළුවන්. ඊට අමතරව ඉරි සහිත කලිසම් සහ කුඩා කොටු සහිත කලිසමුත් දැන් ෆෝමල් විදියට සලකනවා.

කලිසම ගොඩක්ම තද හෝ ගොඩක්ම බුරුල් නොවිය යුතුයි.

විශේෂයෙන්ම ඩෙනිම් කලිසම් අඳින්න එපා. කලු පාට හෝ ඩෙනිම් කලිසම් අඳින්න එපා.

ලොකු ප්‍රින්ට්ස් සහිත කලිසම් අඳින්නත් එපා.

  1. කෝට් කිට්ස්.

කෝට් කිට්ස් සායවල් සහිත හෝ කලිසම් සහිත ලෙස භාවිතා කරන්න පුලුවන්. ඉන්ටවිව් එකකට නම් සම්මතය තමන්ගේ ඇඳුමේ සාය හෝ කලිසමට ගැලපෙන රෙද්ද සහ වර්ණයෙන්ම කෝට් එකත් භාවිතා කිරීම. නමුත් සමහර අවස්ථා තියෙනවා නොගැලපෙන කෝට්ස් භාවිතා කරන. එය ඉන්ටවිව් එකකට එතරම් සුදුසු නැහැ. කෝට් එක යටට අපිට කොලර් සහිත ශර්ට් එකක් හෝ අත් රහිත ටොප් එකක් අඳින්න පුලුවන්.දැනට ලංකාවේ නම් ප්‍රචලිත අත් නැති ටොප් එක සමඟ කෝට් කිට් එක.

කෝට් කිට් කලු පාටම විය යුතු නැහැ.

රත්තරන් බොත්තම් වැනි දෑ තිබෙන කෝට් කිට්ස් නම් ඉන්ටවිව් එකකට සුදුසු නෑ.

මීට අමතරව ගවුමකටත් කෝට් එක දාන අවස්ථා තියෙනවා. ඒ සඳහා සුදුසු ගවුමක් විය යුතුයි. හැම ගවුමටම කෝට්ස් දාන්න බැහැ.

සපත්තු

මේ ෆෝමල් වෙයා වලට දාන සපත්තු නම් අනිවාර්‍යයෙන්ම කෝට් ශූස් එහෙමත් නැත්නම් පම්ප්ස් විය යුතුයි. සෙරෙප්පු හෝ සැන්ඩ්ල් එකක් භාවිතා කරනවා නම් හීල් සහිත වෙන්න ඕනේ, වඩා උචිත කලු පැහැයෙන් යුත් පාවහන් විය යුතු අතර ඇඳුමේ පාට ගලපා දැම්මත් ලොකු ගැටලුවක් නෑ,

ෆ්ලැට් සෙරෙප්පු හෝ ඩෙක් ශූස් දාන්න බැහැ.

හීල් එක ගොඩක්ම උස විය යුතු නෑ, සාමාන්‍ය ප්‍රමාණයේ විය යුතුයි.

සපත්තු දෙක දූවිලි වලින් තොරව පිරිසිදු විය යුතුයි.

ඒ වාගේම කකුල් පිරිසිඳු කර රෝම ඉවත් කර වියළි බවින් තොරව තිබිය යුතුයි. (කකුල් වියලෙනවා නම් ක්‍රීම් ටිකක් ආලේප කරන්න)

හංසනි හිදැල්ලආරච්චි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *