මේ අපූරු හෝටල් වල රැයක් ගත කිරීමට ඔබත් කැමතිද?

මේ අපූරු හෝටල් වල රැයක් ගත කිරීමට ඔබත් කැමතිද?

අද ලිපියෙන් අරගෙන එන්නේ ලෝකයේ තියෙන අපූරු හෝටල් රැසක් පිළිබඳව.

  1. ගිලී ලන්කන්ෆුශි – මාලදිවයින

මාලදිවයිනේ පිහිටි ඉතාම සුන්දර නිවාඩු නිකේතනයක් තමයි ගිලී ලන්කන්ෆුශි. මෙහි විශේෂත්වය වන්නේ ඔබට බාහිර පරිසරයෙන් මිදී මුහුදේ සුන්දරත්වය විඳිමින් දින ගත කිරීමේ හැකියාවයි.

2. Top of the World at Lebua – බැංකොක්

බැංකොක් හි ලෙබුවා හෝටලයේ ඇති ටවර් ක්ලබ් හෙවත් ලෝකයේ මුදුන බැංකොක්වල ඇති හොඳම හෝටල් 5න් එකක් වනවා.

3. කොන්ඩ්‍රඩ් රංගාලි හෝටලය – මාලදිවයින

ඔබ ආහාර ගන්නා විට ඔබ දෙපසින් මසුන් පිහිනා යන අත්දැකීම ජීවිතයේ වරක් හෝ ඔබ විඳිය යුතුම දෙයක්. මේ හෝටලය ඔබගේ ඒ ආශාව සපුරාවි.

4. ඔකවාන්ගෝ ඩෙල්ටා හි ලිට්ල් මොම්බෝ කඳවුරේ – බොට්ස්වානා

සීබ්‍රාවන් නරඹමින් උදෑසන ආහාරය ගන්න ඔබ සිහින දකිනවා නම් මෙන්න නියම තැන.

5. ශැන්ග්‍රිලා හෝටලය – ප්‍රංශය

උදෑසන ඇඳෙන් අවදි වී ජනේලයෙන් අයිෆල් කුළුණ නැරඹීමට ඇත්නම්….

6. මරීනා බේ – සිංගප්පූරුව

තට්ටු 57ක උසින් පිහිටි තෙරක් නොපෙනෙනෙ ජලතටාකයක ගිලී සිංගප්පූරුවේ සුන්දරත්වය නරඹන්න ඔබට අවස්ථාවක්

7. ඔබරෝයි උඩිවිලාස් – ඉන්දියාව

විවිධාකාර සම්මන රාශියකින් පිදුම් ලැබූ ඉන්දියානු රටාවට නිමැවුණු මේ අපූරූ හෝටලයේ දිනක් ගත කිරීම ඔබව වෙනත් ලොවකට රැගෙන යාවි.

8. කක්ස්ලූටැනන් හෝටලය – පින්ලන්තය

ඉග්ලූ නිවසක නිදන ගමන් අහසේ තරු බලන්න ඔබත් කැමතිනම් මෙන්න ඔබ යා යුතුම තැන.

9. සදර්න් ඕශන් ලොජ් – ඕස්ට්‍රේලියාව

කැන්ගරුවන් නරඹමින් ඔබගේ කාමරයේ දවස ගත කරන්න ආසා නම් මෙන්න කියාපු තැන

10. ගැමිරාසු ගුහා නිකේතනය – තුර්කිය

සුඛෝපභෝගී ගුහාවක දිනක් ගත කිරීමට ඔබ කැමති නම් ඔබ අනිවාර්‍යයෙන්ම තුර්කියට යා යුතුයි

මෙවැනි තවත් අපූරු හෝටල් පිළිබඳව විස්තර රැගෙන නැවත ඔබ හමු වන්නම්……

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *