ශ්‍රී ලංකාවේ ජාතික සංකේත

ශ්‍රී ලංකාවේ ජාතික සංකේත
  1. ජාතික පුෂ්පය – නිල් මානෙල් මල
    Nymphaea stellata

1986 පෙබරවාරි මස 26 වෙනිදා ජාතික පුෂ්පය නිල්මානෙල් බවට ප්‍රකාශ කලා.
ශ්‍රී ලංකාව භාර උපුල්වන් දෙවිඳුන්ට අයත් මලක් බව සැලකීම, ඖෂධීය ගුණයකින් යුතු පුෂ්ඃපයක් වීම, රාජකීය උත්සව සඳහා ඈත අතීතයේ සිට මෙය භාවිතා කිරීම, මලේ වක්‍ර වූ පත්‍ර මගින් ස්වස්තිකය නිරූපන වීම යන කාරණා මුල් කරගෙන මෙම මල ජාතික පුෂ්පය ලෙස නම් කර තිබෙනවා.

2. ජාතික වෘක්ෂය – නා ගස
Mesua nagassarium

1986 පෙබරවාරි මස 26 වෙනිදා ජාතික වෘක්ෂය ගස ලෙස ප්‍රකාශයට පත් කළා.
ශ්‍රී ලංකාවට ආවේණික ඓතිහාසික වටිනාකමකින් යුත් ශාකයක් වීම, පුළුල් ව්‍යාප්තිය, ශාකයේ පැහැය සහ බාහිර ස්වරූපය යන කරුණු මුල්කොටගෙන මෙම ශාකය ජාතික වෘක්ෂය ලෙස නම් කොට තිබෙනවා.

3. ජාතික සත්වයා – දඬු ලේනා
Ratufa macroura dandolena

ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව ප්‍රදේශය නිජබිම වූ දඬු ලේනා අඩියක් පමණ දිගින් යුතුය. දුඹුරු, රතු, අළු සහ කලු වර්ණ වල මිශ්‍ර ලෝම සහිත දඬු ලේනාට දිග රවුම් වලිගයක් හිමිය. දැනට වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා ඇති දඬු ලේනා අඩි 6ක පමණ පරතරක සිට ගසකින් තව ගසකට පැනීමේ හැකියාව දක්වයි.

4. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා – වළි කුකුලා
Gallus lafayetii

1986 වසරේ ජාතික පක්ෂියා ලෙස වළි කුකුලා ප්‍රකාශයට පත් කළ අතර ශ්‍රී ලංකාවට ආවේණික ඒක දේශික පක්ෂියෙක් වීම මෙසේ නම් කිරීමට හේතු වී තිබෙනවා.

5. ජාතික සමනළයා – ශ්‍රී ලංකා මහ කුරුළු පිය පැපිලියා
Troides darsius

ශ්‍රී ලංකාවට ආවේණික බහුලව දැකිය හැකි විශාල සමනළ විශේෂයකි.
මීට අමතරව මේ සමනළයා ජීවන චක්‍රයේ කිසිදු අවස්ථාවක පළිබෝධ හැසිරීමක් නොපෙන්වයි. රෝග කාරක හෝ වාහකයෙකු නොවේ.

6.ජාතික ක්‍රීඩාව – අත්පන්දු (වොලිබෝල්)

1991 වසරේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස අත්පන්දු ක්‍රීඩාව නම් කර ඇත. පිටිය මැද සිටවූ කණු දෙකක් අතර ඇථි දැලක දෙපස ක්‍රීඩකයන් හය දෙනා බැගින් ඇති කණ්ඩායම් දෙකක් අතර බෝලයක් හුවමාරු කර සිදු කරන ක්‍රීඩාවකි.

7. ජාතික මැණික – නිල් මැණික
Blue sapphires

8. ජාතික ඇඳුම (පිරිමි) – දිග කමිසය සමඟ වේට්ටිය හෝ සරම

9. ජාතික ඇඳුම (කාන්තාව) – ඔසරිය

10. ජාතික ඇඳුම (ගැහැණු ළමුන්) – ළමා සාරිය

11. ජාතික කොඩිය – සිංහයා සහිත ජාතික කොඩිය

ශ්‍රී ලංකා නව ජාතික කොඩිය සකස් කලේ 1972 වසරේය.
කඩුවක් අතින් ගත් සිංහයා – සිංහල ජාතිය, සිංහල ජාතියේ විනය ගරුක බව, නිර්භීතකම, අභිමානය, නායකත්වය සහ සාධාරණත්වය

රතු පාට පසුබිම – අභිමානය

බෝපත් සතර – මෙත්තා, කරුණා , මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන්

තැඹිලි පාට – දමිළ ජනතාව

කොළ පාට – මුස්ලිම් ජනතාව

12. ජාතික ගීය – ආනන්ද සමරකෝන් මහතා විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකා මාතා ගීතය

වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත මේ ගීය 1951 වසරේදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරන ලදි. මෙහි මුල් ගීතයේ ආරම්භය “නමෝ නමෝ මාතා ” යනුවෙන් වූ අතර එහි ඝණ පිහිටීම අශුභ යැයි සලකා “ශ්‍රී ලංකා මාතා, අප ශ්‍රී ලංකා ” යනුවෙන් ඉදිරි කොටස වෙනස් කරන ලදි. එයින් කම්පනයට පත් ආනන්ද සමරකෝන් මහතා 1960 වසරේ නිදි පෙති පානය කොට සිය ජීදිතයෙන් සමුගත්තේ රටට ප්‍රවීණ සංගීතඥයෙකු අහිමි කරවමිනි.

පොත පත ඇසුරිනි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *