ඇඳිරි නීති සමයේ දරුවන් සමග සතුටින්

ඇඳිරි නීති සමයේ දරුවන් සමග සතුටින්

අප මේ ගෙවන්නේ ජීවිතයේ අමාරුම කාලයක් කියල කිව්වොත් හරි නේද ?

අපි පොඩි කාලෙනම් අපිට ඇඳිරි නීතිය කියන දේ කනට හුගක් පුරුදු දෙයක්.ඒත් අද අපේ දරුවන්ට ඇඳිරි නීතිය කියන්නෙ කනට පුරුදු දෙයක් නෙවෙයි.

ලංකාවෙ විටෙන් විට ඇඳිරි නීතිය දික්කරන අතර අපි ජීවත්වන රටවල් සහ මුලින්ම ලොක්ඩවුන්.

සිකුරාදා රෑට හැමදාම පුතේ අම්ම හෙට වැඩ කියල නින්දට යනකොට කියන්න මම අමතක කරන්නෙ නෑ.ඉතින් ඊයෙ රෑත් ඒ විදියට කිව්වම මගේ ලොකු පුතා අහනව අපි ස්කෝලෙ යන්නෙ නෑ. ඉතින් ඇයි අම්ම විතරක් වැඩට යන්න , අපි ලොක්ඩවුන් නෙ කියල. ඉතින් සමහර රස්සාවල් කරන අයට වැඩට යන්න වෙනව කියල අපි එයාට කියල දුන්න.

අපේ ළමයින්ට ගෙදෙට්ට වෙලා ඉන්නඑක එපා නොකරන්න අපිට කරන්න පුලුවන් මොනවද ?

වෙනද වගේ වැඩට දුවන්න හදිස්සියක් නැති නිසා ලගට අරගෙන උකුලෙ තියාගෙන හුරතල් කරන්න එයාල කොච්චර ආසවෙයිද කියලබලන්න ඒකට. අපේ ගෙදරනම් මේදේ හරිම සාමාන්‍ය දෙයක්.

ළමයි එක්ක සෙල්ලම් කරන්න.

  • හැංගිමුත්තන් ( ගේ ඇතුලෙ හැංගිමුත්තන් කරන එක හරිම ශෝක් සෙල්ලම, කබඩ් අස්සෙ, ඇඳන් යට හැංගුනාම හොයාගන්න හරිම අමාරුයි. )
  • ගේ ඇතුලෙ බට්ට කොටු ඇදල පනින එකත් මරු සෙල්ලම. ( අපේ අවුරුදු 3 එක්කෙනා . තනි කුන්දෙන් පනිනව දැකම අපිට ඉතින් හිනා වෙන්න පුලුවන් ඒක මතක්කර කර )
  • කාඩ් පැක් එකක් තියෙනවනම් සෙට් කරන්න පුලුවන් . ( එකවගේ ඉලක්කම් රූප අදුරගන්න හොද ක්‍රීඩාවක්)
  • කතන්දර පොත් කියවන්න. එයාලගෙම වචනයෙන් ඒව විස්තර කරන්න පුලුවන්.
  • අපි මීට කලින් කතාකරපු ෆ්ලෑශ් කාඩ්ස් වලින් සෙල්ලම් කරන්න පුලුවන්.
  • සිංදු දාල පවුලටම නටන්න පුලුවන්. (අම්මලාට කෙට්ටු වෙන්නත්. අපේ පැටවුගෙ ඇගේ එකතුවෙන ශක්තිය වැය කරන්නත් මේක ඉතාම හොද වැඩක්. ඒ ගොල්ලො හිටපු ගමන් විකාරෙන් වගේ දඟලලා අපිට තරහ යන්නෙ, ඔන්න ඔය ශක්තිය වැඩි උනාම. )

පවුලක් විදියට විනෝදෙන් හිටියොත් අපේ දරුවන්ටත් අපිටත් මේ අමාරු කාලෙ පසුකරන්න අමාරු වෙන එකක් නෑ.

මේ සැරේ අලුත් කෑමක් ගේන්නෙ නෑ. අපි පුලුවන් තරම් අරපිරිමැස්මෙන් වැඩ කරගෙන . හැකිතාක් ගේ ඇතුලෙම ඉදල රජය කරගෙන යන වැඩ පිලිවෙලට සහයෝගය දෙමින් කොරෝනා ජය ගමු.

හර්ෂණී රණසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *