නාරං කැවුම් හදමු.

නාරං කැවුම් හදමු.

මේ පාර සිංහල අවුරුද්ද ලොකුවට සැමරුවේ නැත් වුනත් අපි හැමෝම ආසයි නේ අලුත් කෑම හදන්න ඉගෙන ගන්න.

දන්නේ නැති අයටත් දැන ගන්න නාරං කැවුම් හදන හැටියි අද කියලා දෙන්නේ.

මම නම් ටිකක් වෙනස් විදියට හදන්නේ.සාම්ප්‍රදායික විදියට නම් නෙමෙයි.

එක එක අය විවිධ විදියට හදනවා.මේ මගේ විදිය

නාරං කැවුම්

  • සීනි ග්‍රෑම් 250
  • පොල්  ග්‍රෑම්  350
  • රට ඉදි ග්‍රෑම්  50 ( හීනියට ලියා)
  • කජු ටිකක් හීනියට ලියා
  • රුලං මේස හැදි 2ක් කබලේ බැද
  • වතුර ටිකක් (100 ml)
  • වැනිලා තේ හැදි එකක්
  • කරදමුංගු ඇට දෙකක් කූඩුකර
  • ලූනු චුට්ටක්

දැවටීමට,

  • හාල් පිටි ග්‍රෑම්  150
  • පාන් පිටි ග්‍රෑම්  50
  • කිරි ( මම ගත්තේ ෆෙරෂ් එක)පොල් කිරි
  • කහ ටිකක්
  • ලූනු ටිකක්
  • බැදීමට තෙල්

මුලින්ම සීනි ටික භාජනයකට දමා වතුර එක් කර මදගින්නේ තියන්න.හැදිගාන්න එපා.

ටිකකින් බුබුළු දමා සීනී දිය වෙනවා පේනවා. භාජනය කරකවා බලන්න සීනී දියවෙලාද කියලා.සීනි දියවූ පසු ටිකකින් හැන්දක් ගෙන විටින් විට හැදිගාන්න.ටිකක්  දුඹුරු පාට වෙනකොට පොල් ටික දාන්න.දැන් ලියා ගත් රට ඉදි, කජු,බැදපු රුලං ,ලුනු ,කරදමුංගු කුඩු ,වැනිලා එකතු කර හොදට කලවම් කරන්න.

මද ගින්දරේ තියා හොදට පොල් මැලවෙනකන් කූරැ ගාන්න.ඉන් චුට්ටක්  අරන් බලන්න බෝල කරාම බෝල වෙනවද කියලා.

දැන් එලියට අරන් ටිකක් වෙලා කූල් වෙන්න තියන්න.

ඒ අතර තුර බැටර් එක හදන්න.

හාල් පිටි,පාන් පිටි,කහ,ලූනු එක්කර කිරි ටික ටික දමා ගන මිශ්‍රණයක් අතින් හදාගන්න.

දැන් හදාගත් පැණි පොල් එකෙන්  බෝල හදාගන්න.ටිකක් වෙලා කූල් වෙන්න දෙන්න එතකොට හයිවෙනවා.

ඉන්පසු භාජනයක් ලිප තබා තෙල් දමා තෙල් රත් වූ විට බැටර් එකේ දවටා,තෙලට දමන්න.එකට ඇලෙන්න දාන්න එපා.

ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියන්න.

ටික වේලාවකින් අනික් පැත්ත හරවන්න.එහෙට මෙහෙට කූරු ගාන්න එපා කැඩේවි.

බැටර් එක ගන නම් නැවත කිරි චුට්ටක් දමන්න.

ඔන්න ඔහොමයි මම හදන නාරං කැවුම් හදන්නේ.

මේක මම අත්හදා බලපු රස නාරං කැවුම් රෙසිපියක්.

මෙදා අවූරැද්දට හදලා රස බලන්න හොදේ.

චාමලි මදනායක
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *