ශ්‍රී ලංකාවේ ගැමා ප‍්‍රකිරණ ආයතනය හා එහි ප‍්‍රතිලාභ

ශ්‍රී ලංකාවේ ගැමා ප‍්‍රකිරණ ආයතනය හා එහි ප‍්‍රතිලාභ

ආහාර පිරිසැකසුම්කරණය සදහා ගැමා කිරණ භාවිතයේ ආරම්භය හා ව්‍යාප්තිය මෙන්ම ශ්‍රී ලංකාවේ ගැමා ප‍්‍රකිරණ ආයතනයේ දල ව්‍යූහය පිලිබදව ගියවර ලිපියෙන් අපි කතාකලා. ශ්‍රී ලංකා ගැමා ප‍්‍රකිරණ ආයතනයේ කාර්යයභාරය හා එහි ප‍්‍රතිලාභ ව්‍යවසායකයන් අතර බෙදා හැරීම පිලිබදව අද අපි කතා කරමු.
ශ්‍රී ලංකාවේ ගැමා ප‍්‍රකිරණ ආයතනය හා එහි ප‍්‍රතිලාභ
ශ්‍රී ලංකා ගැමා ප‍්‍රකිරණ ආයතනය බියගම අපනයන සැකසුම් කලාපයේ පිහිටා ඇති අතර එහි ඇති ගැමා ප‍්‍රභවය පරිදර්ශක ප‍්‍රකිරකයකි ( Panoramic irradiator) . මෙහිදී ප‍්‍රභවය ක‍්‍රියාකාරී නොවන අවස්ථාවේදී ජලය තුල ගිල්වා ඇති අතර එය ක‍්‍රියාකාරී අවස්ථාවේදී ඉහලට එසවේ. ගැමා ප‍්‍රකිරණය ( Panoramic irradiator) කල යුතු ද්‍රව්‍යය වැඩි කාර්යක්ෂමතාවයකින් ගැමා කිරණ වලට නිරාවරණය වීම සදහා පර්යේෂණ මගින් සොයාගත් පරිදි නියමිත ස්ථාන වල ස්ථානගත කරනු ලැබේ.ගැමා ප‍්‍රභවය ස්ථාපිත කුටීරය තුලට එකවර මෙවැනි බහාලූම් 65ක් පමණ එකවර ඇතුලත් කල හැකි අතර එක් බහාලූමකට 300 kg ක බර දරා ගත වාණිජ්‍යමය බහාලූම් වාහක පටි (Conveyor belt) මගින් එක් වාරයකදී ආසන්නව මෙට්‍්‍රක් ටොන් 3 ක පමණ නිෂ්පාදනයන් ගැමා ප‍්‍රකිරණය කල හැකිය.

වාණිජ්‍යමය බහාලූමක්

මීට අමතරව පර්යේෂණ සදහා යොදා ගැනීමට බහාලූම් 4ක් ඇත. මෙහිදී වාණිජ්‍යමය වාහක පටි ක‍්‍රියාත්මක වන අවස්ථාවේදීම පර්යේෂණ සදහා වූ බහාලූම් ද ගැමා ප‍්‍රකිරණය සදහා ඇතුලත් කල හැකිය. ගැමා ප‍්‍රකිරණය කලයුතු මාත‍්‍රාවම භාණ්ඩ සදහා අවශෝෂණය වුවාදැයි මැන ගැනීම සදහා ඩොසිමීටර (Dosimeter) ගැමා ප‍්‍රකිරණය කිරීමට පෙර භාණ්ඩ වලට සවි කරනු ලැබේ. මෙම ඩොසිමීටර විවිධ හැඩයන් හා ආකෘති වලින් ඇත. කෙසේ වුවද ශ්‍රී ලංකා ගැමා ආයතනය තුල දැනට භාවිතා කරනුයේ සෙරික් සෙරස් (Dosimeter) ඩොසිමීටර හා ඇම්බර් පර්ස්පෙක්ස් 3042 (Dosimeter) 3042 යන වර්ගවලට අයත් ඩොසිමීටර වේ. යොදාගන්නා ඩොසිමීටර වර්ගය ගැමා ප‍්‍රකිරණය කරන භාණ්ඩ වර්ගය හා මාත‍්‍රාව මත ගැමා ආයතනය මගින් තීරණය කරනු ලැබේ.

සෙරික් සෙරස් ඩොසිමීටර
ඇම්බර් පර්ස්පෙක්ස් ඩොසිමීටර


ඔබ යම්කිසි ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් ගැමා ප‍්‍රකිරණය කිරීමට බලාපොරොත්තු වේ නම් පලමුව ඒ සදහා වන අයදුම් පත‍්‍රයක් පිරවිය යුතු වේ. මෙම අයදුම් පත‍්‍රය ශ්‍රී ලංකා ගැමා ආයතනයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැක. ඉන්පසු ගැමා ආයතනයට කතා කර අවශ්‍ය තොරතුරු පවසා එම භාණ්ඩ හෝ ද්‍රව්‍යය ලබා දීම සදහා සුදුසු දිනයක් හා වේලාවක් ලබා ගත යුතුය.මීට අමතරව ශ්‍රී ලංකා ගැමා ආයතනය පිහිටා ඇත්තේ බියගම ආයෝජන ප‍්‍රවර්ධන A කලාපයේ බැවින් එම කලාපයට ඇතුලූවීම සදහා අදාල ප‍්‍රවේශ පත‍්‍රයක් ලබාගත යුතුය.මේ සදහා ගැමා ආයතනය මගින් අවශ්‍ය සේවය ලබාදෙනු ලබේ. එමෙන්ම ගැමා ප‍්‍රකිරණය කිරීමෙන් අනතුරුව ඔබගේ භාණ්ඩ හෝ ද්‍රව්‍යය සදහා අවශෝෂණය කරන ලද ගැමා ප‍්‍රකිරණ මාත‍්‍රාව සදහන් කරන ලද සහතිකයක් ගැමා ආයතනය මගින් ලබා දෙනු ලැබේ. තවද මෙම ආයතන පරිශ‍්‍රය තුල ක්ෂුද්‍රජීව විද්‍යා හා ආහාර විද්‍යාව හා තාක්ෂණය සදහා වූ විද්‍යාගාර පිහිටා ඇති අතර ඔබගේ අවශ්‍යතාවය අනුව සේවා සැපයීමට නිලධාරී මඩුල්ල කැපවී සිටී. දැනටමත් මෙම ආයතනය මගින් පුද්ගලික අංශයේ ආයතන රැසකට සිය සේවය සපයන අතර බොහෝ විශ්ව විද්‍යාලවල ගැමා ප‍්‍රකිරණය හා සම්බන්ධ පර්යේෂණ සදහා දායකත්වය සපයා දෙනු ලැබේ

ගැමා ප‍්‍රකිරණයේ ප‍්‍රධාන යෙදීම්
යෙදවුම
ප‍්‍රරෝහණය නවතාලීම
කෘමීන් විනාශ කිරීම
ප්‍රෝටොසෝවාවන් මර්දනය
පලතුරු ආදිය ඉදීම පමා කිරීම
දිලීර පාලනය
ආහාර වල රෝගකාරක බැක්ටීරියා පාලනය
වෛද්‍ය උපකරණ ජීවානුහරණය
ආහාර වල ආයු කාලය වැඩි කිරීම

තෝරා ගත් රටවල් කිහිපයක ගැමා ප‍්‍රකිරණය සදහා අවසර ලබා දී ඇති ආහාර හා නිෂ්පාදන

ආර්ජන්ටිනාව කුළුබඩු හා වියළි එලවළු, ඉගුරු, බිත්තර නිෂ්පාදන
ඔස්ටේ‍්‍රලියාව අඹ, පැපොල්, රඹුටන්, මැංගුස්, ඖෂධ පැළෑටි, කුළුබඩු , කාමරංකා, දෙල්, ගඩුගුඩා
බංගලාදේශය අල, ළුෑණු, කරවල
බෙල්ජියම කුළුබඩු, අධිශීතකල ගෙඹි කකුල්, ඉස්සන්, ඇරෝමැටික ඖෂධ පැළෑටි හා තේ කොල, විජලනය කල එලවළු
බ‍්‍රසීලය කුළුබඩු , විජලනයකල එලවළු, පලතුරු, එලවළු, ධාන්‍ය
කැනඩාව අල, ළුෑණුු, තිරිගු පිටි, කුළුබඩු , විජලනයකල කුළුබඩු , අඹ චීනය කුළුබඩු , ගම්මිරිස්, රසකැවිලි, වියලි පලතුරු, ඇට වර්ග හා පරිරක්ෂණය කල පලතුරු, පිසින ලද මාංශ, නැවුම් පලතුරු හා එලවළු, ඇසුරුම් කරන ලද අධිශීතකල මාංශ, ධාන්‍ය, බෝංචි හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන, ඉගුරු, විජලනය කල එලවළු
ඩෙන්මාර්කය කුළුබඩු
ප‍්‍රංශය කුළුබඩු , විජලනයකල එලවළු, ධාන්‍ය වර්ග, අධිශීතකල කුකුල් මස්, ගෙඹි කකුල්, ඉස්සන්, වියලි එලවළු හා පලතුරු, හාල් පිටි, ස්ට්‍රෝබෙරි
ජර්මනිය කුළුබඩු
ජපානය අල
නවසීලන්තය දෙල්, කාමරංකා, අඹ, මැංගුස්, පැපොල්, රඹුටන්, ඖෂධ පැළෑටි, කුළුබඩු
තායිලන්තය සියඹලා, කුළුබඩු , ළුෑණුු, නැවුම් අඹ, රඹුටන්, මැංගුස්, අන්නාසි, ගඩුගුඩා
ඇමෙරිකාව කුළුබඩු
එංගලන්තය කුළුබඩ


”රැඩියුරා ” Radura ලාංඡන ය

ප‍්‍රකිරණයට ලක් කල ආහාර නිෂ්පාදන වෙළදපලට නිකුත් කිරීමට ප‍්‍රථම එම ආහාර ප‍්‍රකිරණයට ලක් කල ආහාර ලෙස පාරිභෝගිකයන්ට හඳුනා ගැනීම සදහා අන්තර්ජාතිකව භාවිතා කරන ලාංඡනය , ”රැඩියුරා ” Radura ලාංඡන ය යි. මෙය සාමාන්‍යයෙන් කොල පැහැ වර්ණයෙන් සමන්විත වන අතර වෘත්තයක් මධ්‍යයේ ඇති ශාඛයක් පෙන්නුම් කරයි. මෙහි ඉහල අර්ධ වෘත්තය කඩ ඉරි වලින් සමන්විත වේ. ගැමා ප‍්‍රකිරණය භාවිතයෙන් ආහාර පිරිසැකසුම්කරණය පිලිබද යම් අවබෝධයක් මෙම ලිපි මගින් ඔබ ලබා ගන්නට ඇතැයි සිතමිි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන අපනයන ආහාර නිෂ්පාදන වන තේ, කුළුබඩු, පොල් ආශ‍්‍රිත නිෂ්පාදන හා මත්ස්‍යයින් සදහා මෙම තාක්ෂණය යොදා ගැනීම, අනාගතයේ මෙම නිෂ්පාදන වල වටිනාකම වැඩි කිරීමටත්, නිෂ්පාදන සදහා වන ඉල්ලූම ඉහල නංවා ගැනීමටත් උපකාරී වනු ඇත. ඒ සදහා ශ‍්‍රී ලංකා ගැමා ආයතනය හා අත්වැල් බැදගැනීමට, කුඩා හා මධ්‍යම පරිමාණයේ මෙන්ම විශාල පරිමාණයේ අපනයන බෝග වගාකරන්නන්, ව්‍යවසායකයින් එකතු වීම අද සිටම සිදුවිය යුතු කාර්යභාරයකි.
ඉතින් ඔබගේ නිෂ්පාදන අලෙවියේදී සිදුවන අපහසුතා පිලිබද අපි කතා කරමු.ඔබට පැනනගින ගැටලූ හා මෙම තාක්ෂණයෙන් ඔබට ලබාගත හැකි පිලියම් පිලිබදව. ලියන්න අපට ැා editor@liyara.org
කාන්තා ඔබට ඉතා වැදගත් වන ගැමා ප‍්‍රකිරණයේ තවත් යෙදවුමක් පිලිබදව ඉදිරියේදී කතා කරමු.


ඉසිරි හිරණ්‍යදා
විද්‍යාත්මක නිලධාරිනි
ශ‍්‍රී ලංකා ගැමා ආයතනය
ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය
විද්‍යාත්මක නිලධාරිනි
ශ‍්‍රී ලංකා විද්‍යාත්මක නිලධාරිනි
ශ‍්‍රී ලංකා ගැමා ආයතනය
ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය ගැමා ආයතනය
ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *