ඔන්ලයින් ඇඳුම් ඕඩර් කරනවද???

ඔන්ලයින් ඇඳුම් ඕඩර් කරනවද???

එහෙනම් මේ ටික බලලම ඉන්න.

අද තියෙන කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක ලස්සනට අඳින්න පලඳින්න කැමති අපිට තියෙන තවත් හොඳම හොඳ ඔප්ෂන් එකක් තමයි ඔන්ලයින් ෂොපින් කියලා කියන්නෙ.ඉතින් මේ ඇවිත් තියෙන්නෙ උත්සව කාලේ..අපි හැමෝම අළුතෙන් එක ඇඳුමක් හරි ගන්න කාලේ. ඉතින් මේ දවස් වල අපි කවුරුත් බය වෙලා කොරෝනා වලින් පරිස්සම් වෙන්න ගේ ඇතුලටම වෙලා ඉන්න වෙන කාලයක් වෙලා මේක.එහෙමයි කියලා අපි අවුරුද්දට අළුත් ඇඳුම් නොගෙන ඉන්නෑනෙ.ඒ නිසාම ඔන්ලයින් ෂොපින් වලට නැඹුරු වීමේ ඉඩකඩ ඉතාමත් වැඩියි.

ඔන්ලයින් ෂොපින් කියන්නෙ මොකක්ද?අපි යන සුප්‍රසිද්ධ වෙලඳනාම යටතේ පවත්වගෙන කඩසාප්පුවල හෝ අපි ගන්න බ්‍රෑන්ඩ්ස් වලට අදාලව අනිවාර්යයෙන්ම අන්තර්ජාලයේ වෙබ් පිටුවක් තියෙනවා.ඉතින් ඒ වෙබ් පේජ් එක හරියට ගූගල් සර්ච් කරාම අපිට ලැබෙනවා.ඒ අදාල පේජයේ එයාලා සෙල් කරන ඇඳුම් පැලඳුම්,පාට,සයිසස් සේරම බොහොම පැහැදිලිව දාලා තියෙනවා.ඉතින් අපිට පුළුවන් එතනින් අපිට කැමති ඇඳුම් තෝරගෙන එයාලට ඕඩර් එක දෙන්න.⁣එතකොට එයාලා අපේ ලිපිනය ඉල්ලගෙන ගෙදරටම ගෙනත් දෙනවා.මෙතනදි බොහෝ විට කලින් ගෙවීමක් සිදුකරාම තමයි අපේ ඕඩර් එක කන්ෆර්ම් කරගන්නෙ.එහෙම නැතිනම් කෑෂ් ඔන් ඩිලිවරි සේවාව..ඒ කියන්නෙ අදාල පාර්සලය ලැබුණ පසු මුදල් ගෙවීමේ ක්‍රමකුත් තියෙන්න පුළුවන්.මේ වැඩේට ඕන කරන්නෙ ස්මාර්ට් ෆෝන් එකක් සහ බෑන්ක් කාඩ් එකක් විතරයි.අපේ බෑන්ක් කාඩ් එකෙන් තමයි මුදල් ගෙවීම් කරන්න ඕනෙ.(සමහර විට ඔවුන්ගේ බෑන්ක් අකවුන්ට් එක මුදල් තැන්පත් කිරීම,ඊසි කෑෂ් වගේ ක්‍රමවලිනුත් මේ ගෙවීම කරන්න පුළුවන්.)ඔන්න නොදන්න අය දැන් දන්නවා ඔන්ලයින් ෂොපින් කියන්නෙ මොකද්ද කියලා.

නමුත් මේ ඔන්ලයින් ෂොපින් කිරීම බොහොම සීරුවට කරන්න ඕනෙ වැඩක්.උදාහරණයක් විදිහට අපි ඇඳුමක් ඕඩර් කරන එක ගැන බලමු.

මේ ඇඳුම් එයාලා බොහෝවිට මොඩ්ල් කෙනෙක්ට අන්දලා ගත්ත ෆොටෝස් තමයි මෙයාලා දාලා තියෙන්නෙ අපිට බලන්න.ඉතින් කොයිම වෙලාවකවත් මේ ඇඳුම් අපිට කැතට පේ⁣න්නෙ නෑ

මොකද බොහොම හැඩ ඇඟක් තියෙන,ලස්සන පෙනුම තියෙන හොඳ උස මහත තියෙන මොකක් ඇන්දත් ලස්සන මොඩ්ල්ස් ලා තමයි මේවා ඇඳන් ඉන්නෙ.ඉතින් අපිට එහෙම ලස්සනක් නැති වෙන්න පුළුවන්.ඒ නිසා අපි තේරැම්ගන්න ඕනෙ එයාට ඒක ලස්සනට තිබුණාට මටත් ලස්සන වෙයිද? කියන කාරණය.තමන් මහත නම් මහත කෙනෙක්ට නොගැලපෙනවා කියලා හිතෙනවානම් අර මොඩ්ල්ට කොච්චර ලස්සන වුණත් අර ඇඳුම අරගෙන තේරුමක් නෑ.ඔන්ලයින් ෂොපින් වල තියෙන ලොකුම අවාසිය තමයි මේ ෆිටෝන් කරන්න බැරි වීම.

ඊලඟට ඇඳුමේ පාට.ලයිටින් සිස්ටම් ඇතුලේ ගන්න මේ ෆොටෝස් වල තියෙන ඇඳුමෙ පේන පාට ඕඩර් කරාට පස්සේ නොතියෙන්න පුළුවන්.බොහෝවිට තියෙනවාට වඩා අපිට ලැබෙන ඇඳුම් පාටින් අඩු වෙන්න පුළුවන්.කොලිටි නැති වෙන්න පුළුවන්.ඊටපස්සෙ අපිට චීට් කරා කියලා හතරඅතේ මැසිවිලි නඟලා වැඩක් නෑ.බොහෝවිට ෆොටෝ එක තියෙන පාටට වඩා කොලිටි අඩු පාටක ඉමේජ් එකක් මවාගෙන බලන්න අපි දැනගන්න ඕන.එහෙම තමයි මේ ඇඳුම් ගැලපෙනවද කියලා බලන්න ඕනෙ.පාර්සලය ලැබුණම ඒ පාටම තිබ්බා කියලා ඉතින් ප්‍රශ්නයක් වෙන්නෑනේ.

අනිත් කාරණය තමා රෙදි වර්ගය.එකම ඇඳුම එකම පාට වුණත්  රෙදි දෙකකින් මැහුවොත් සෑහෙන ඇඳුම් දෙක වෙනස් වෙන්න පුළුවන්.උදාහරණයක් විදිහට එකම පාටින් විස්කෝස් හා ලිනන් කියන රෙදි දෙකෙන් එකම ඇඳුම මැහුවොත් ලිනන් ඇඳුම බොහෝම ලස්සන පිරිපුන් පෙනුමක් එන්න පුළුවන්.ඒ නිසා අපිට මෙතනදි ඇඳුම අල්ලලා බලන්න බැරි නිසා

මැටීරියල්ස් ගැන අවබෝධයක් තිබීම වැදගත්.එහෙම මැටීරියල්ස් සඳහන් කරලා නැත්නම් ඕඩර් එක දාන්න කලින් මැටීරියල් එක මොකද්ද කියලා අනිවාර්යයෙන් අහගන්න එක හරිම වැදගත්.නැත්නම් පොටෝ එකේ ලස්සනට තිබ්බ,අපි බලාපොරොත්තු වූ විද්හේ ඇඳුමක් අපිට ලැබෙන පාර්සලයේ නොතිබෙන්න පුළුවන්.බොහෝවිට හොඳ මැටීරියල් එකක ඇඳුමක මිලත් ඉහළයි.බාල මැටීරියල් වලින් මහපු ඇඳුම් තමා ඇදහිය නොහැකි අඩු මිලට දකින්න තියෙන්නෙ.

ඊලඟ දේ තමා මේ ඇඳුම් ඇඳන් ඉන්න මොඩ්ල්ස්ලා බොහෝවිට ඇඳුම ලස්සනට පේන හැඩතල වලින් තමයි ඉන්නෙ.පොකට්ස් තියෙන ගවුමක් නම් පොකට්ස් වලට අත් දෙක දාගෙන ගවුම දෙපැත්තට විහිදීම නිසා ෆොටෝ එකේ තියෙන්නෙ පොඩි බාබිඩෝල් ⁣පෙනුමක්.නමුත් ඔබට ලැබෙන ඇඳුම ඔහේ කඩාහැලෙන ඇඳුමක් වෙන්න පුළුවන්.ඉතින් ඔබටත් අර බාබිඩෝල් පෙනුම ගන්න නම් ඔබත් යන යන තැන පොකට් වලට අත් දෙක දාගෙන ඇඳුම දෙපසට කරමින් යායුතු බව තේරුම්ගන්න පුළුවන් තරම් ඔබ බුද්ධ්මත් පාරිභෝගිකයෙක් විය යුතුයි.මං මේ කිව්වෙ එක වෙලඳ උපක්‍රමයක් පමණයි.මේ වගේ විවිධ උපක්‍රම ඔවුන් භාවිතා කරලා තියෙන්න පුළුවන්.ඒ හැමදේම ඔබව අර ඇඳුමට ආකර්ශනය කරගැනීමටයි.ඒ නිසා ඔබ හැමවෙලේම අදාල ඇඳුම සාමාන්‍ය ඉරියව්වකදී කොහොම තියෙයිද කියන කාරණය හිතලා බලන්න ඕනෙ.

ඊළඟට ඔබ ඔබේ  නිවැරදිව සයිස් එක ඔවුන්ට ලබාදෙන්න වග බලාගන්න.බොහෝ ඔවුන් දාලා තියෙන්නෙ යූ.කේ. සයිස් වලින්.ඒ නිසා ඔබ ඔබේ යූ. කේ. සයිස් එක කලින් හඳුනාගෙන තිබීම වැදගත්.ඒ වගේම ඔබේ ලිපිනය හා දුරකතන අංකය නිවැරදිව ඔවුන්ට ලබාදීමට වගබලාගන්න ගන්න.නැත්නම් ඔබටත් ඔවුන්ටත් එය කරදරයක්.මඟ දිගට ඔබට ඇමතුම් ලැබෙනවා වගේම ඔබ සිටිනා තැන නිරන්තරයෙන් ඔවුන්ට විස්තර කරන්න සිඳුවේවි.

ඒ වගේම පාර්සලය ලැබුනු පසු අදාල පුද්ගලයාට මොහොතක් රැඳී සිටින්න කියා ඔබේ පාර්සලය,සයිස් එක ඒ ආකාරයෙන්ම ලැබී තිබේදැයි පරීක්ෂා කරන්න.එය ඔබට නොගැලපේ නම් එවෙලේම ඔවුන්ට රිටර්න් කරන්න වග බලාගන්න.එය ඔබට විශාල පහසුවක් වේවි.

ඉතින් මේ කරුණු සැලකිල්ලට අරගත්තොත් ඔන්ලයින් ෂොපින් ගැන ඔබට කලකිරෙන එකක් නැහැ.

එහෙනම් හැපි ෂොපින්!!!

 කාංචනා සුබසිංහ
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *