පුංචි විද්‍යාඥයන්ට දැනුම විනෝදය!

පුංචි විද්‍යාඥයන්ට දැනුම විනෝදය!

අලුත් පාසල් වාරය දැන් ඉවර වෙන්නත් ලගයි. සතියේ දින පහම දැනුම පාසල් වැඩත් එක්ක හිරවුන ඔබේ පුංචි පුතා, දුව ගෙදර ඉන්න විවේකී සති අන්තයේ සාම්ප්‍රදායික ඉගනීමෙන් වෙනස්වී අලුත්ම අලුත් විනෝදයෙන් කුතුහලයෙන් සහ දැනුමින් පිරුණු ක්‍රීයාකාරකමකට ඔබත් කැමතිද ?
ඉගනීම කියන්නේ පොතේ පතේ දැනුම පමණක්ම නෙමෙයි. පුංචි දරුවන් බොහෝමයක් කැමති ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් දැනුම ලබා ගන්නයි , ඔන්න අදත් මම පුංචි විද්‍යාඥයන්ට ක්‍රියාකාරකම් දෙකක් සමඟ දැනුම අරන් ආව.
ක්‍රියාකාරකම් -1

දේදුනු වීදුරු

මෙය වඩාත් සුදුසුවනේ වයස අවුරුදු 6 සිට 10 දක්වා දරුවන්ටයි .

අවශ්‍ය ද්‍රව්‍යය
විනිවිද පෙනෙන වීදුරු 5 ක්
පාට හතරකින් වර්ණක
සීනි
මේස හැන්දක්

වීදුරු 4 ක් ගෙන, එයින් පලමු වීදුරුවට සීනි මේස හැදි එකක්, දෙවන වීදුරුවට සීනි හැදි දෙකක්, තුන්වන වීදුරුවට තුනක් සහ හතරවන එකට සීනි හැදි හතරක් ලෙස දමා සියල්ලටම එක සමානව සිටින ලෙස ජලය දමා හොදින් දිය කරගන්න. ( මද උණුසුම් ජලය බාවිත කිරීමෙන් ඉක්මනින් සීනි දියකරගත හැක).
මේ පරීක්ෂණ ඝනත්වය ගැන සරලව පහදන්න උපකාර කරගන්න පුලුවන්.

ඝනත්වය යනු ඒකක පරිමාවකට අයත් ස්කන්ධය. ඝනත්ව අගය ලබාගන්නේ වස්තුවක පරිමාව එහි බරින් බෙදීමෙන්. එකම ප්‍රාමානයේ වීදුරුවලට වෙනස් සීනි ප්‍රාමාණවලින් සීනි දමා ඇති නිසා ඒවායේ බර වෙනස්. බර වෙනස් වීම නිසා ඒවාගේ ඝනත්වය වෙනස්. ඝනත්වය අඩුම සීනි හැදි එකක් දිය කල වීදුරුවේ. සීනි ප්‍රාමාණය වැඩිවෙන්න වැඩි වෙන්න ඝනත්වයත් වැඩි වෙනව.

( ඉහත සදහන් වයසේ දරුවන්ට මේ සංකල්ප අලුත් , ඒ නිසා ඔබේ දරුවාගේ දැනුම හා කුතුහලය මත මෙය අවශ්‍ය පරිදි වෙනස් කරගන්න )

ඔබ කැමති වර්ණක හතරක් එක් වීදුරුවකට එක බැගින් කලවම් කරන්න. දැන් ඔබට පාට හතරකින් සහ ඝනත්ව හතරකින් යුත් ජල වීදුරු හතරක් තිබෙනවා.

දැන් හිස් වීදුරුවක් ගෙන ඉතා පරිස්සමින් සීනි හැදි හතරක් දියකල පාටකල ජලයෙන් ටිකක් වීදුරුවට දමන්න. පිලිවෙලින් සීනි හැදි 3,2 සහ 1 දියකල ජලය එම වීදුරු වට හැන්දක් ආදාරයෙන් වත්කරගන්න . මෙහිදී එම ජලය සීරුවෙන් වීදුරුවට දැමිය යුතුයි. දැන් ඔබට පාට හතරකින් තට්ටු ආකරයෙන් ජල දේදුන්නක් වීදුරුවේ පෙනේවි.

ක්‍රියාකාරකම් -2
පුපුරන ගිනි කදු

මේ ක්‍රියාකාරකම සාමාන්‍යයෙන් පාසල් විද්‍යා ප්‍රාදර්ශන වලදී බහුලව දකින්න ලැබෙන අත්වැඩක්. මෙය වඩා සුදුසු අවු 10න් ඉහල දුවල පුතාලට.

අවශ්‍ය ද්‍රව්‍ය
කිරි මැටි හෝ ඊට සමාන ක්ලේ හෝ පස් වර්ගයක්.
ප්ලාස්ටික් බෝතලයක්
ආහාර වර්ණක
බේකින්ග් සෝඩා
විනාකිරි

මැටි හෝ පස් ආදාරයෙන් ගිනි කන්දක් තනාගන්න. මේ ගිනි කන්ද මැදින් ප්ලාස්ටික්
බෝතලය තබා ඒ වටා මැටි අතුරමින් එය සාදාගත යුතුයි. ගිනි කන්දේ මුදුන විවරව තිබෙන ලෙස මැටි අතුරාගන්න. මේ ගිනි කන්ද වියලෙන තෙක් අව්වේ තබන්න. හොදින් සවිවූ ගිනි කන්දේ උඩ විවරයෙන් බේකින්ග් සෝඩා මේස හැදි දහයක් පමණ කන්දේ සැගවූ ප්ලාස්ටික් බෝතයට එකතු කරන්න.
වෙනත් බාජනයක උණුසුම් ජලයට කහ සහ රතු වර්ණක දියකර ද්‍රාවනයක් සාදාගන්න .

ඔබ දැන් ගිනි කන්ද පිපිරවීමට සූදානම් !

මේ සදහා එලිමහන් ස්තානයක් තෝරාගන්න .
ගිනි කන්දේ ඉහල විවරයෙන් පාට කල උණුසුම් ජලය කෝප්පයක් ගිනි කන්දේ ඇති බෝතයට එකතු කරන්න . ඒ සමගම විනාකිරි කෝප්ප දෙකක් එයට එක් කරන්න.

දැන් ඔබේ ගිනි කන්ද සක්‍රීය වී බුබුලු දමමින් ලාවා ගලන ගිනි කන්දක් බවට පත්වේවි.

මෙහිදී බේකින් සෝඩා සමග විනාකිරි ප්‍රචන්ඩව ප්‍රතික්‍රියා කරමින් කාබන්ඩයොක්සයිඩ් නිපදවනවා. ඒවා බුබුලු දමමින් පිටවී යනවා.

සති අන්තයක මේ අත්හදාබැලීම් නොවසේදී කරල බලන්න . ඔබේ දරුවන් පුදුම වේවි!

නදීමා අයෝමි
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *