මානසික සෞඛ්‍යයේ වැදගත් කම ලොවටම මතක් කරනා ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි.

මානසික සෞඛ්‍යයේ වැදගත් කම ලොවටම මතක් කරනා ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි.

ලෝක මානසික සෞඛ්‍ය දිනය යනු ගෝලීය මානසික සෞඛ්‍ය අධ්‍යාපනය, දැනුවත් කිරීම සහ සමාජ අපකීර්තියට එරෙහිව පෙනී සිටීම සඳහා වූ ජාත්‍යන්තර දිනයකි. එය ප්‍රථම වරට සමරනු ලැබුවේ රටවල් 150 කට අධික සංඛ්‍යාවක සාමාජිකයන් හා සම්බන්ධතා ඇති ගෝලීය මානසික සෞඛ්‍ය සංවිධානයක් වන මානසික සෞඛ්‍ය සඳහා වූ ලෝක සම්මේලනයේ මුලපිරීමෙනි.

මෙවර තේමාව තවමත් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නැතත් ගිය වසරේ ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව වනුයේ සිය දිවිහානි කරගැනීමෙන් වැලැක්වීම වන අතර පසු ගිය මාස කීපය පුරාවට නොයෙක් විදියේ හේතූන් මත සිය දිවි හානි කරගැනිම් ලොව පුරා බහුල වී තිබුණා. බොහෝ අවස්ථාවල මේ සිය දිවි හානි වීම් වලට හේතු වී තිබුණේ මානසික සෞඛ්‍යයේ පිරිහීමයි. දැඩික ආතතිය, ඉච්ඡා භංගත්වය ආදී හේතු නිසාවෙන් ක්ශ්ණිකව ගත් තීරණ නිසා මෙසේ සිය ජීවිතයෙන් බොහෝ දෙනෙක් වන්දි ගෙවා තිබුණා.

මානසික සුවය කෙනෙක්ට ඇති වටිනාම සම්පතයි. සැහැල්ලු සරල දිවියක් තුළින් සතුටින් සිටීමෙන් මානසික සතුට ළඟා කරගත හැකි වනවා. ඒ වගේම ඔබට අනෙක් අයගේ මානසික සතුට ගැනත් ලොකු වගකීමක් තිබෙනවා. නොදැනුවත්ව ඔබ කරනා ප්‍රකාශ සහ ක්‍රියාවන් නිසා තවෙකෙක්ගේ මානසික සෞඛ්‍යයට බාධාවීමක් සිදු විය හැකියි. ඉතින් ඔබ සතුටින් සිටිනා ගමන් අනෙක් අයගේත් සතුට ගැන සිතන, තමන්ට වඩා අනුන් වෙනුවෙන් කැප වීමට හැකි කාලයක් උදා වේවායි අද දිනයේ අපි ප්‍රාර්ථනා කරනවා.

හංසනි හිදැල්ලආරච්චි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *