විලාසිතා – ලිපි අංක 01 Jump Suits

විලාසිතා – ලිපි අංක 01 Jump Suits

අපි අද කතා කරන්නට යන්නේ කාලයෙන් කාලයට වෙනස් වෙන, අලුත් වෙන කාන්තා විලාසිතාවක් වෙන ජම්ප්සූට් ගැන. විශේෂයෙන්ම නව යෞවනියන් හා තරුණ පාර්ශවය අතර මේ දිනවල ජනප්‍රිය විලාසිතාවක් වන jumpsuit ඉතාම සරල, පහසු ඇඳුමකින් සැරසී යායුතු ගමනකට වගේම සමහර රටවල දී නම් කාර්යාලය ඇඳුමක් වශයෙනුත් අඳිනු ලබනවා.
ජම්ප් සූට් යනු කමිසය සහ කලිසම තනි ඇඳුමක් වන පරිදි එක් කොට නිර්මාණය කරන ලද්දක්. මෙහි මූලික අදහස විලාසිතා ලෝකයට ආවා යැයි සැලකෙන්නේ පැරෂුට් පිමි පනින්නන් භාවිතා කරන ලද ඇඳුම තුළින් බව සාමාන්‍ය මතයයි. ජම්ප්සුට් සාමාන්‍යයෙන් ඇඳීමට පහසු බැවින් හා එය සරල නමුත් අලංකාරව ශරීර හැඩය ඉස්මතු කරවන විලාසිතාවක් නිසා විලාසිතා ලෝකය තුළ කාලයෙන් කාලයට ජම්ප්සූට් විවිධාකාරයෙන් කරළියට පැමිණේ. මෙය දිග කලිසමකින් එයට ම සම්බන්ධ කරන ලද අත් රහිත හෝ සහිත උඩ කොටසකින් යුතු වන අතර මෙහි කොට කලිසමක් සහිත ඇඳුම හදුන්වන්නේ රොම්පර්ස් (romper) හෙවත් ප්ලේසූට් (playsuit) නමින්. ඒ ගැන තවත් ලිපියකින් කතා කරමු.


ඔබේ ශරීරයේ හැඩය වෙනස් කොට පෙන්වීමට හෝ ඉස්මතු කොට පෙන්වීම සඳහා ඔබට මෙම විලාසිතාව ඉතා හොඳින් භාවිතා කිරීමට හැකියි.
*උදාහරණයක් ලෙස ඔබ උස යුවතියක් නම් පුළුල් දිග කකුල් සහිත ජම්ප් සූට් එකක් උත්සාහ කරන්න. එය ඔබට ඉතා ආකර්ෂණීය පෙනුමක් ලබා දෙනවා නොඅනුමානයි.
*ඔබ කුඩා ශරීර ප්‍රමාණයකින් යුතුනම් සිහින්, කකුල් ඉතා දිගු නොවන ජම්ප් සූට් එකක් ඔබට වඩාත් ගැලපේ.


*ඔබ ශරීරයේ උඩු කොටස කුඩා නමුත් උකුළු ප්‍රදේශය පළලින් යුතු කාන්තාවක් නම් (pear shaped) ඔබට උරහිස් පහලට දැමිය හැකි එසේ නැතිනම් off-sholder ජම්ප්සූට් එකක් ඇදීමෙන් ඔබේ ශරීර හැඩය වෙනස් කොට පෙන්විය හැකියි.


*ඔබට ඇත්තේ ඇපල් හැඩයේ සිරුරක් හෝ තරබාරු සිරුරක් වුවද ඔබට ඉන ප්‍රදේශයෙන් ඇගට හිර කොට බදින ලද පටියක් සහිත ජම්ප්සූටයක් හෝ blouson හැඩය සහිත ජම්ප්සූට් තුළින් ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්නට පුළුවන්.
*ඔබ විශාල පපුවක් සහිත කාන්තාවක් නම් ඔබට වී හැඩයේ කරක් සහිත ජම්ප්සූටයක් ( V-Neck Jumpsuit ) වඩාත් ගැලපේවි.

ඔබත් විලාසිතාවන්ට කැමති නම්, නිර්මාණශීලී ඇසක් තියෙනවනං අන්තර්ජාලයෙ පොඩ්ඩක් සැරිසරලා බැලුවොත් සිය දහස් ගණන් ජම්ප්සූට් විලාසිතාවන් තුළින් ඔබට ගැලපෙන විලාසිතාවක් පහසුවෙන්ම හොයාගන්නට ඔබට හැකිවේවි.

ඉතින් අපේ අසල්වැසි රටේ බොලිවුඩ් තරු කොයි තරම් නම් මේ ජම්ප්සූට් විලාසිතාවන්ට පෙම් බඳිනවා ද කියල දැනගන්න අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප කීපයකුත් පහළින් එකතු කරා. මේ ආලියා බාත්, ශ්‍රද්ධා කපූර් හා කරීනා කපූර් ගේ ජම්ප්සූට් විලාසිතා.

කල්පනී වාසනා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *