සුසුම්

සුසුම්

චේතනා ද සිල්වා විසින්………………………….

 පූර්විකාව

කුඩාකාමරයේ තට්ටු යහන් මැදින් වැටුන පුංචි හිඩසක ඇය සැගව සිටියාය. තවමත් පුංචි ෙරදි බෝනික්කා ඇගේ පපුවට තුරුල්ව සිටින්නීය. දහවල් අව්රශ්මිය නිසා ගත දහඩියෙන් තෙත්ව ගියත් ඝණ ජනෙල් තිර රෙදි වලින් වැසි ගිය කවුලුවලට හිරු එළිය මේ අදුරු කුටියට ලබා දෙන්නට හිරිහැර කරමින් සිටින්නට විය. මල් වැටුන දණට මදක් දිගු ගවුම හැද,දිගු කොණ්ඩය අවුල් ජාලාවක් කරගෙන සිටි ඇගේ නෙත්වල වුයේ රූරා වැටෙන කදුලු වල තෙතමනයම පමණි. එම කාමරයේ නවතැන් ගෙන සිටි අනෙක් සියල්ලන්ම දහවල් කෑමට පිටව ගොස් තිබුණි. එහෙත් ඇයට කුසගින්නක් නොවුනි. තිරරෙදි අතර හිඩසෙන් රිංගාගත් කුඩා රන් පැහැ හිරු කිරණක් කාමරයේ දොර කෙලින් පතිතව ඇත. ඇය එ් සිහින් එලියෙන් දොර දෙස බියපත්ව බලා සිටියාය. දැන් දොර විවර වෙයි. කිරිස් හඩින් එය විවර වෙයි. ඇයගේ හුස්ම නතර කරන්නට බලා සිටින රාක්ෂයා ඉන් මතුවේ යැයි කියා ඇය අසරණ බියපත් නෙතින් බලා සිටියාය. පෙරදින රැයේ පරිදිම ඔහු පැමිණෙනවා නියතය. මාරයා….

ඇය ගත කිලිපොලා යද්දී රෙදි බොනික්කාව තම ගතට පොඩි කරගනිමින් වහා දෙදණ මත හිස සගවා ගත්තේ නෙත් දැඩිව පියාගෙනය. නිහඩව තත්පර කිහිපයක් ගත විය.

ක්රීස් හඩින් දොර හෙමිහිට විවර වන හඩ ඇයට ඇසුනි. ඇය තව තවත් දෙකකුල් තම ගතට තෙරපාගෙන නෙත් පියන් දැඩි කරගත්තාය. ලී පොලව මත ගැටෙන පාවහන් වල හඩ කාමරය පුරා දෝංකාර දෙන්නට විය. මෙතනින් දිව යන්නට වුවමනා වුවත් ඇයට හිස ඔසවා නෙත් හැර තමා බිලිගන්නට ආ මාරයා දෙස බලන්නට පවා නොහැකි බියකින් සිත ගත දෙකම ඔත්පලව තිබුණි.

අඩි හඩ ඇය අසලම නතර විය. ඉන්පසු…. සුසුමක්…
එය බරැති සුසුමකි. තමා අභියස සුසුම්ලන තැනැත්තා කවුරුන්ද? මේ නම් එ් නපුරු මාරයා විය නොහැක. මේ ඔහුද? පෙරදින රැයේ එ් මාරයන්ගෙන් බේරාගෙන අදුරේම යහන මත තමා සතපා ගිය එ් ආගන්තුකයාද?

ඇගේ නෙතුපියන් යන්තමට ලිහිල් වුයේ එ් සිතුවිල්ලෙනි.

“මෙතන තවදුරටත් මේ ළමයට ආරක්ෂාකාරී නෑ මිස්ටර් වීරකැටිය.”

නිවාසය බාර ප්‍රධාන පාලිකාවගේ හඩ ඇයට ඇසුනි. යලි එ් සුසුම් හඩ ඇයට ඇසුනි.

“මටත් හිතෙනවා. මං මෙයාව අරගෙන යනවා.”

ඒ ගැබුරු හඩට පුංචි නෙත් විවර කර ඇය දෙදෙණ අස්සෙන් හෙමිහිට බැලුවාය. එහෙත් ඇයගේ නෙත් මානයට හරි හැටි එ් බරැති සුසුම්ලන්නාගේ රුව හසු නොවුනි. ඇයට පිටුපා උසට උසේ සිටගෙන සිටි ඔහුගේ දෑත් කලුපැහැ කලිසම් සාක්කුව තුල රුවාගෙන සිටියේය. අත් දිග සුදු පැහැ කුර්තා වර්ගයේ කමිසයක් ඇද සිටි ඔහු කවුදැයි කියා විමසිල්ලෙන් බලන්නට ඇය දෙදණෙන් හිස මුදා ගත්තාය.

“ඒත් මිස්ටර් වීරකැටිය කොහොමද මේ තරම් පොඩි දරුවෙක් බලා ගන්නේ. මිස්ටර් වීරකැටිය තාම තරුණයි. තාම මැරි කරලාවත් නෑ. ගැහැණු පුළුටක් නැති ගේක… මේ ගෑණු දරුවෙක්…”

පාලිකාවට තම වදන් නිම කරන්නට නොහැකි විය.

“පරින්දිව මම අරන් යනවා. එයාව රෙඩි කරන්න.”

ඔහු රළු හඩකින් එපමණක් පවසා එතැනින් පිටව ගියේ යලි හැරී නොබලාමය. පරින්දි…. කවුරුන්ද?

කුඩා දැරිය ඇගේ සිතින්ම විමසුවාය. පාලිකාවගේ කරුණාබර වත ඇයගේ බොද වු නෙත් අතරට හසුවිය.

“පරින්දි… අපි ලැහැස්ති වෙමු දරුවෝ…”

ඇය එලෙස අමතද්දී පරින්දි යන නමින් හැදින්වු අට හැවිරිදි පුංචි දැරිය බොනික්කා තුරුල් කරගෙනම බියෙන් ඇය දෙස බලා සිටියා පමණි.

“බයවෙන්න එපා… එයා හරිම කරුණාවන්ත සර් කෙනෙක්. එයා කැමති ඔයාගේ බාරකාරත්වය ගන්න. එයා ඔයාට හොද තාත්තෙක් වෙයි.”

එහෙත් පාලිකාව පවසනා කිසිවක් ඇයට වැටහුනේ නැත. පියෙක්?? එ් ආගන්තුකයා කෙලෙස තම පියා වන්නේද? ඇගේ නම පරින්දි වන්නේ කෙසේද? එ් සියලු පැනයන් මුවින් නගන්නට තරම් ඇයට වැටහිමක් නොවුනි. සැබැවින්ම මෙම නිවාසයට පැමිණ සතියක් පමණ වුවත් ඇගේ මුවින් ඉකියක් හැරුන කොට වෙන කිසිදු වදනක් පිටව තිබුණේ නැත.

පරින්දිගේ කුඩා අත පාලිකාව විසින් හෙමිහිට අල්ලා ගෙන ඇයව අදුරු මුල්ලෙන් ඉවතට ගත්තාය.

“බයවෙන්න එපා පරින්දි ඔයාට ආයේ කිසිම කරදරයක් වෙන එකක් නෑ. සර්ට කීකරුව ඉන්න. තේරුනාද?”

රෙදි බෝනික්කා තුරුල් කරගෙන ඇය කදුළු බේරෙන නෙත් බිමට නැබුරු කරගත්තා පමණි. පාලිකාව මොහොතක් අනුකම්පාවෙන් මෙන් පුංචි දැරිය දෙස බලා හිද ඇගේ ඇදුම් කිහිපය බෑගය තුලට ඇසිරුවාය. එතෙක් දැරිය සිටියේ නිහඩවමය. අවසානයේ ඇය දැරියගේ කුඩා අත අල්ලාගෙන කාමරයෙන් එළියට ඇවිද ගියාය. පටු කොරිඩෝව දිගේ ඇවිද යද්දී එහි කෙලවරේ මද අදුරක යලි ඔහු නතරව සිටියේය. මෙවර ඔහුගේ වත අසල කවුලුවේ තිර රෙද්දේ ඡායාවට වැසී ගොස්ය. ඔහු ලගට විත් පාලිකාව කුඩා දැරිය හා නතර විය.

“කවුරුත්ම මේ ගැන දැනගන්න බෑ. හැම පොතකින්ම මෙයාගේ නම අයින් වෙන්න ඔන. මේ නිවාසේ මෙයා හිටියා කියන සාක්ෂි තියෙන්න බෑ.”

ඔහුගේ ගැබුරු හඩ මදක් දැඩිය. එ් දැඩි බවටම බියට පත් දැරිය නෙත් නොඋස්සා ඔහු දෙස නොබලා ඔහුගේ පාවහන් යුගලටම නෙත් යොමා සිටියාය. එය දුබුරු පැහැ හම් සපත්තු යුගලකි.

“එ් ගැන සැකයක් තියා ගන්න එපා.”

පාලිකාව මදක් පහත් ස්වරයකින් පවසා ආගන්තුක පිරිමියාට දැරියගේ ඇදුම් බෑගය පෑවාය.

“ම්…”

ඔහු යන්තමට හුමිටි තබා බෑගයත් ගෙන ඉස්සර විය. දැරිය සුපුරුදු ලෙස පාලිකාව හා බිම බලාගෙනම ඔහු පිටුපස ඇදුනාය. නිවාසයෙන් එළියට විත් සුඛෝපභෝගි කලුපැහැති මෝටර් රථයක් ඉදිරියේ ඔවුන් නතර විය. ආගන්තුකයා රියදුරු අසුනට ගොඩ වන විට පාලිකාව එහි පිටුපස දොර විවර කලාය.

“පරිස්සමින් ඉන්න පරින්දි. තෙරුවන් සරණයි.”

පාලිකාව එසේ පවසා දැරියගේ හිස අත ගාද්දි ඇය බියපත් නෙතින් පාලිකාවගේ අත දැඩිව අල්ලා ගත්තාය.

“මට යන්න බෑ.”

ඇය එපමණක් පැවසුවේ වෙව්ලමිනි.

“බලන්න පැටියෝ ඔයාට මෙහෙ ආරක්ෂාව නෑ. මේ සර් ඔයාව ගොඩක් ආදරෙන් බලා ගනී. එයා හොද කෙනෙක්.”

ඇගේ වදනට පිටින් යන්නට තරම් හැකියාවක් අසරණ පරින්දිට නොවුනි. මේ තාවකාලික ලැගුම් හල්ය. මෙහි අයිතියක් ඉල්ලන්නට ඇය නොදත්තාය. ඇයට හැඩුනේ බියටත්, අසරණකමටත්ය. හඩද්දීම පාලිකාව බලෙන් මෙන් පරින්දිව වාහනයට නග්ගවා දොර වසා දැමුවාය. එ් අවසරයෙන් වාහනය පවනට බදු වේගයෙන් ඉගිල්ලී ගියේය. දැරිය වාහනයේ මුල්ලකට ගුලිවී හැඩුවාය. ඇය ඔහුගේ සැර පරුෂ හඩට බියව සිටියාය. මේ ආගන්තුකයාට බියව සිටියාය.

හෝරා කිහිපයක ගමන අවසානයේ හඩමින් සිටි ඇයට නින්ද ලගා කර තිබුණි. ඇය නෙත් හැරියේ එ් බියකරු රැය යලි නෙත් ඉදිරියේ මැවී පෙනෙද්දී දැනුන බියට කෑගසාගෙනමය.

“චූටි බේබි බයවෙන්න එපා. සේරම හරි.”

කවුදෝ ගැහැණු කෙනෙකුගේ මහලු හඩක් ඇයට ඇසුනි. පරින්දි වහා වෙව්ලමින් යහන කොනකට ගුලි වුනාය. සුදුපැහැති හිසකෙස්වලින්, රැලි වැටුන වතින් සිටි මැහැල්ල දුටු දැරිය තවතවත් බියට පත්ව මහ හඩින් ලතෝනි දෙන්නට විය.

“අම්මා… අම්මා…”

ඇය කෑගැසුවාය. රෙද්දක් සහ හැට්ටයක් ඇද සිටි මහලු ගැහැණිය පරින්දි වෙත දයාබර ස්වරයෙන් අමතමින් ලංවන්නට හැදුවත් ඇය තවතවත් බිත්ති මුල්ලට ගුලිවෙමින් හඩන්නටත් ලතෝනි දෙන්නටත් පටන් ගත්තාය.

“මොකද මේ??”

එ් ගැබුරු හඩ යලි පරින්දිට ඇසුනේ දොර දෙසිනි. එහෙත් ඇය එදෙස නොබලාම කෑගසමින් හඩන්නට විය.

“අනේ මන්දා මහත්තයා… නින්දෙන් නැගිට්ටුනේම ඔහොම කෑගහගෙන. මට ලංවෙන්නවත් දෙන්නේ නෑ.”

මහලු ගැහැණිය පවසද්දී ඊලග තත්පරයේ පරින්දි වහා යහනෙන් බිමට පැන යහන යටට රිංගා ගත්තේ ඇසිල්ලකිනි. දැනුන එකම දෙයකි. එ් මේ සැමදෙනාම තමාවද මරා දමන බවකි. එ් බියකරු ආයුධ වලින් රුහිරු ගලා යන තෙක් පහරදෙමින් ඇය මරා දමන බවකි. ඇය අදුරු මුල්ලට ගුලිවිය. යලි ඔහුගේ සපත්තු ගැටෙන හඩ ඇසෙද්දී ඇය වෙව්ලන්නට විය. එ් හඩ යහන අද්දරින් නතර විය. යලි ඔහුගේ බරැති සුසුමක හඩ පරින්දිට ඇසෙද්දි ඇය දෙදණමත හිස සගවාගත්තේ නෙත් තද කරගෙනය.

“එළියට එන්න.”

එ් හඩ… එය පෙර මෙන් දැඩි නැත. එ් හඩ ගැබුරු නමුත් බෙහෙවින් මෘදුය. ඇයට වහා සිහිවුයේ සිය පියාය. වරදක් කර අසුව සැගව සිටින විට ඔහු ඇය සොයාවිත් අමතන්නේද මෙවන් මෘදු හඩකිනි. ඇය හෙමිහිට නෙත් ඔහු වෙතට ගෙන ගියාය. යහන පාමුල දණගසා නැමී ඔහු ඇය දෙස බලා සිටියේය. සැබවින්ම ඔහුගේ වතේ වුයේ කරුණාවන්ත පෙනුමකි. ගැබුරු තද කලු නෙත් කාච දිලිසෙන්නේය. ඇගේ නෙත් ඒ වත මත නතර විය. ඇයට පෙනුනේ සුරංගනා කතාවක සිටින පෙම්වත් කඩවසම් කුමාරයෙකුය. කලු කැරලි කොණ්ඩය, රැවුල කපා ඇති සලකුණු පම්ණක් යන්තමට වත අදුරු කර තිබුණත් ඒ වතේ වුයේ දුබුරු දිදුලන පැහැයකි.

“එන්න…”

ඔහු යහන යටට අතක් දිගු කරේය. ඇය එ් විසල් සුරත දෙස බොදව ගිය නෙතින් බලා සිටියා පමණි. කම්ස අතින් නිරුවත් වු අත් බාහුව රෝමයන්ගෙන් යන්තමට වැසී ගොස්ය. ඒ අත්ල මත නහර ඉලිප්පි තිබුණි.

“බයවෙන්න එපා. එන්න මං ලගට. හොද බබානේ.”

ඔහු දැඩි ආදරණීය හඩකින් ඇය ඇමතුවේය. තත්පර ගණනක් ගත විය. ඔහු බොහෝ ඉවසිමෙන් බලා සිටියේය. ඇය එ් සුරත දෙසටම නෙත් යොමා හිද අවසානයේ හෙමිහිට ඇගේ සුරත පැවාය. ඔහු එ් පුංචි අතැගිලි අල්ලා ගත්තේය. එ් උණුසුම් ස්පර්ශය ලග පරින්දිගේ බිය පහව ගියාය.

ඇය යහන යටින් එළියට ආවාය. ඔහු යන්තමට කැපී ගිය රැවුල් කොට අතරින් වු දෙතොල් එකිනෙක තදකරගෙන යන්තමට සිනහ විය.

“බඩගිනි නැද්ද? අපි කමුද?”

ඔහු අසද්දී ඇය හිස ඔසවා ඔහු දෙස බලන්නට උත්සහ කරාය. එහෙත් බෙහෙවින් උස ඔහු ඉදිරියේ පුංචි පරින්දි අගුටුමිට්ටෙකු විය.

“යමු කන්න.”

ඇය හිස දෙපසට සැලුවාය. ඔහු ඇය ඉදිරියේ දණ නමා ඇගේ දෙවුර මත දෑතම තැබුවේය. ඔහුගේ වත ලංලංව ඇය දුටුවේ එවිටය.

“මට බයද?”

ඇය ඔව් යැයි පවසා වරක හිස සලා යලි නෑ යැයි පවසමින් හිස සලද්දී ඔහු යලි දෙතොල් එකිනෙක තද කරගෙන සිනහ විය.

“මං රාක්ෂයෙක් වගේද?”

ඇය නැතැයි පවසන්නට හිස දෙපසට සැලුවාය.

“එහෙනම් ඇයි මට බය?”

ඇය කිසිත් නොපවසා බිම බලා ගනිද්දී ඔහු මොහොතක් දැරිය දෙස බලා හිද යන්නට හැරුනේය.

“ඔයා මගේ අලුත් තාත්තාද?”

ඇය ඇසෙන නෑසෙන සුරතල් හඩකින් අසද්දී ඔහු ඉදිරියට තැබු පය ආපසු පසුපසට ගෙන ඇය දෙස හැරී බැලුවේය. ඇය බිම බලාගෙනම සිටියා පමණි.

“පරින්දි කැමතිද එහෙම”

ඇය වහා හිස දෙපසට සැලුවාය.

“මට අලුත් තාත්තෙක් ඔන නැ. මං ආදරේ මගේ තාත්තට. මගේ තාත්තා ගෙනත් දෙන්න මට.”

එසේ පවසමින් ඇය යලි හඩද්දී ඔහු වේදනාවෙන් දැරිය දෙස බලා හිද නැගී සිටියේ පෙර මෙන්ම බැරැති සුසුමක් හෙලමින්ය. ඇය ඉකිබිදිමින් හඩද්දී ඔහු කාමරයෙන් පියව යන හඩ පරින්දිට ඇසුනි. ඇය වහා කාමරයේ අදුරු මුල්ලකට ගුලිවිය. බියෙන්, තනිකමෙන් ඇය හඩන්නට විය. බොහෝ වෙලාවක් හැඩුවාය. රාත්රී අදුර කාමරය වෙලාගෙන තවතවත් බියපත් බවක් ඇතිවන විට ඇය බියෙන් බෙරිහන් දුන්නාය. යලි මහලු ගැහැණිය කාමරයට විදුලි පහන් දල්වමින් දිව ආවාය.

“චූටි බේබි. අනේ ඇයි මේ තරම් අඩන්නේ?”

ඇගේ හඩ කාරුණික වුවත් එය සිය මවගේ මෙන් හදවතේ පිපාසය නිවාලන්නට සමත් නොවුනි. ඇය මහලු ගැහැණිය ලංවෙත්ම ඇයව තල්ලු කර දැමුවේ එනිසාමය.

“අම්මා ඔන මට…”

ඇය හඩමින් කෑගැසුවාය. ඇය අස්වාසලන්නට මහලු ගැහැණිය උත්සහ කල තරමටම අවසානයේ පරින්දි මුරණ්ඩු වුවාය. ඇය මහලු ගැහැණියට අතපයින් පහර දුන්නාය.

“අම්මා ඔන…ඔයා රාක්සියක්. මට අම්මා ඔන…”

ඇය කෑගසමින් මහලු ගැහැණියට පහර දෙන විට යලි ඔහු කාමරයේ දොර අසලින් මතුවිය. කුමාරයෙක් වන් ඒ රුව ළග ඇය මදක් නිවුනාය.

“අනේ සර් මේ ලමයාව බලා ගන්න මට නම් බෑ. හරිම මුරණ්ඩුයි.”

මහලු ගැහැණිය වහා පරින්දි වෙතින් මෑත්ව පවසද්දී ඔහු ඇය වෙත ලංව ඇන ගසා වාඩි විය. පරින්දි වහා බෝනික්කාද තුරුල් කරගෙන මුල්ලකට ගුලි විය. ඔහු මොහොතක් ඇය දෙස සුපරික්ෂාකාරිව බලා සිටියේය

“පුංචි කොටිපැටියෙක්නේ මේ…”

ඔහු එසේ පවසා යලි පරින්දිට සුරත පෑවේය.

“යමු අපි කන්න. දවල්ට කාලත් නෑනේ.”

“අම්මා ඔන. මං එයා අතින් විතරමයි කන්නේ.”

පරින්දි ඉකිගසමින් කීවාය. ඇගේ මල්වැටුන කුඩා ගවුම විසිර ගොස්ය. ඔහු ඇගේ ගවුම අතින් සකසා ඇයට සමාන්තරව බිත්තියට හේත්තු වී වාඩි විය.

“මං කවන්නද?”

ඔහු එකවරම අසද්දී ඇය නිහඩවම සිටියාය.

“ඇලිසා අම්මා. ගේන්න අපිට බත් පිගානක් බෙදා ගෙන.”

ඔහු ඇයට අණ කරේය. ඇලිසා නම් මහලු ගැහැණිය කාමරයෙන් පිට වුයේ පරින්දිට රවමිනි. පරින්දි ඔහු දෙස හොරැහින් බලද්දි ඔහුගේ නෙත ඇය අසලම රැදී තිබුණි.

“ම්… කවනකොට කතන්දරත් කියනවද අම්මා?”

ඇය හිස දෙපසට සැලුවාය.

“කතන්දර දන්නේ නැද්ද අම්මා.”

“මං දුවනකොට අම්මා පස්සෙන් එනවා. කතා කියන්න බෑ එතකොට.”

ඇය හොටු ඉහලට අදිමින් පැවසුවාය.

“ඉතිං දුව දුව කන්නේ ඇයි?”

එයට ඇය උත්තර නොදුන්නාය.

“පුංචි දගමල්ලක් එහෙනම් මේක.”

ඔහු පවසද්දී ඇය බිමට නෙත් නැබුරු කරේ හඩ නගා හොටු නාසය තුලට ඇද ගනිමින්ය. මොහොතක නිහැඩියාවක් කාමරය පුරා පැතිර යන්නට විය.

“සර්….”

ඇය හුරතල් බසින් එසේ අමතද්දි ඔහු ඇය දෙස බැලුවේ නෙත් කුඩාකරය.

“මගේ නම අනන්ත. සර් නෙමෙයි.”

“ලොකු අයට නම කියලා කතා කරන්නේ නෑ. පව්…”

ඇය නෙත් ලොකු කරගෙන කීවාය.

“අම්මද එහෙම කිව්වේ?”

ඇය හිස සලා ඔව් යැයි පැවසුවාය.

“ම්… එහෙනම් සර් හොදයි.”

ඇය එකවරම ඔහු වෙත මදක් ලංවිය

“මට චූ දාන්න ඔන.”

පරින්දි ඇසෙන නෑසෙන හඩකින් පවසද්දී අනන්ත ගැස්සී ගියේය. පුංචි දැරිය වත බෙරිකරගෙන ඔහු දෙස බලා සිටියාය. එහෙත් අදින් පසු සැබවින්ම මේ දැරියගේ බාරකාරයා ලෙස මේ නුහුරු දිවියට හුරු විය යුතු බව ඔහුට වැටහුනි. වැඩිහිටිවියටවත් පත්ව නැති ඇගේ වගකිම තමා පිට බව ඔහුට පසක් වන විට විසිහයක් වැනි සයසක සිටි තරුණ දැනුනේ සැබැවින්ම හිතට දැරිය නොහැකි බරකි. ඇය වේවලන සීතල අතක් හෙමිහිට ඔහුගේ නහර ඉලාප්පුන ශක්තිමත් රලු සුරත මත තැබුවාය.

නැවත හමුවෙමු~~~

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *