ඔබ නිර්මාණශීලී වන තරමට නම්‍යශීලී වන වන කඩදාසි – ලාලිත්‍යා මධුෂානි

ඔබ නිර්මාණශීලී වන තරමට නම්‍යශීලී වන වන කඩදාසි – ලාලිත්‍යා මධුෂානි

කඩදාසි කියන්නෙ බොහොම කියන්නෙ බොහොම සරල ඒ වගේම බොහොම ලාභ දෙයක් . ඒ වුණත් කඩදාසි කියන්නේ අපේ එදිනෙදා ජීවිතයට නැතුවම බැරි දෙයක්. මෙච්චරයි කියලා කියන්න බැරි තරම ප්‍රයෝජන ප්‍රමාණයක් අපි කඩදාසි වලින් ගන්නවා. ඒත් මේ ලිපිය ලියන්න හිතුවේ කඩදාසිවල ප්‍රයෝජන ගැන නම් නෙමෙයි.

අද වෙනකොට බොහොම ජනප්‍රිය කලාවක් වෙලා තියෙන කඩදාසි නිර්මාණ කලාව එහෙමත් නැත්නම් paper crafting ගැන තමයි මේ ලිපියෙන් කතාකරන්න හිතුවේ.

අද වෙනකොට වයස් බේදයකින් තොරව ගොඩක් දෙනාගේ විනෝදාංශ ලැයිස්තුවලට එකතු වෙලා තියෙනව මේ paper crafting. අඩු පිරිවැයකින් සිදු කළ හැකි වීම වගේම බොහොම පහසුවෙන් ඉගෙනගත හැකි දෙයක් වීම මේ කලාව මෙතරම් ජනප්‍රිය වීමට හේතු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අද බොහෝ දෙනා ව්‍යාපාරයක් විදිහටත් මේ කඩදාසි නිර්මාණ කලාවට යොමු වෙලා තියෙනවා.

කඩදාසි නිර්මාණ ගැන කතා කරද්දි මේක විවිධාකාර විදියට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඔබේ නිර්මාණශීලීත්වය අනුව ඔබට පුළුවන් නිකන්ම වතුරට දියවෙලා යන පත්තර කඩදාසියකින් ශක්තිමත් ත්‍රිමාන නිර්මාණයක් පවා කරන්න .

අපි බලමු මේ විවිධාකාර කඩදාසි නිර්මාණ ක්‍රම මොනාද කියලා..

  1. කොලාජ් නිර්මාණ

 කොලාජ් කියන්නෙනම් නම කියූ පමණින් පෙර පාසල් සිසුන් පවා දන්නා සරල නිර්මාණ ක්‍රමයක්. විවිධාකාරයෙන් කොළ ඉරා ඇලවීම මඟින් නිර්මාණයක් ගොඩනැගීම තමයි මේකේ මූලික සංසිද්ධිය. කොලාජ් කියන වචනය එන්නෙ ‘coller’ කියන ප්‍රංශ වචනය මඟින්. එහි අදහස මැලියම් යන්නයි.  කොළ ඉරා ඇලවීම සරල දෙයක් වගේ පෙනුණත් මේක ඉතා සූක්ෂම නිර්මාණ ක්‍රමයක් කියලයි මට හිතෙන්නෙ. මොකද තැන් තැන් වලින් එකතු කර ගත්තු කඩදාසි වලින් අර්ථවත් ප්‍රකාශනයක් නිර්මාණය කරනව කියන්නෙ ප්‍රහේලිකාවක් විසඳනවා වගේ වැඩක්.

කොලාජ් ගැන කතා කරද්දි මේ ක්‍රමය භාවිතා කළ ප්‍රසිද්ධ කලාකරුවෙක් තමයි පැබ්ලෝ පිකාසෝ කියන්නේ. ඔහු විසින් කළ කොලාජ් නිර්මාණ අදටත් ප්‍රසිද්ධයි.

2.ඔරිගමි නිර්මාණ

ඔරිගමි කියන වචනය අහපු ගමන්ම ලොකු පොඩි ඕනම කෙනෙක්ට මතක් වෙන්නෙ ජපානය. ඔරිගමි වල ආරම්භය ජපානය බව විශ්වාස කළත් අද ලෝකය පුරාම පැතිරුණු ජනප්‍රිය කලාවක් තමයි මේ ඔරිගමි.

‘ඔරිගමි’ කියන්නෙම ජපන් වචනයක්. ජපන් භාෂාවෙන් ‘ඔරි’ කියන්නෙ නැමීමට සහ ‘ගමි’ කියන්නෙ කඩදාසි වලට. ඉතිං අපේ භාෂාවෙන් කියනවනම් ඔරිගමි කියන්නෙ කඩදාසි නැමීමේ කලාව.

මේ කලාවේ අනිත් දේවල් වලට වඩා පොඩි විශේෂත්වයක් තියෙනවා. අද වෙනකොට සමහර වෙනස්කම් තිබුණත් ‘pure origami ‘ කියන සංකල්පය ඇතුලෙ ,

  සැමවිටම සමචතුරසු කඩදාසියකින් පටන් ගැනීම

කැපීමකින් හෝ ඇලවීමකින් තොරව නැමීමෙන්ම පමණක් නිර්මාණය සම්පූරණ කිරීම,

අවසාන නිර්මාණයට බාහිර වර්ණ , සැරසිලි ආදී ආටෝප එක් නොකිරීම වගේ රීතීන් කිහිපයක් අඩංගුවෙලා තිබුණා

තෑගි එතීමේ හා විවිධ රූප සෑදීමේ ඔරිගමි කලාවේ ප්‍රබේද 2ක් තියෙනවා. එක විදියක කලාවක් වුණත් මේ ඔරිගමි කලාව කුඩා දරුවන්ගේ බුද්ධිය වර්ධනයට ඉවහල් වෙන ක්‍රියාකාරකමක් විදියටත් සලකනවා. මොකද ඔරිගමි නිර්මාණ කිරීමේදී වඩා ක්‍රියාකාරී වෙන්නෙ අපේ ඇඟිලි තුඩු. අපේ ඇඟිලි තුඩු වල ක්‍රියාකරාරීත්වය බුද්ධි වර්ධනයට බෙහෙවින්ම බලපානවා.

‘Wet folding’ කියන්නෙ සාම්ප්‍රදායික ඔරිගමි වලින් ඔබ්බට ගිය තවත් කලාවක්. අකිරා යොශිසවා කියන ඔරිගමි ශිල්පියා විසින් හඳුන්වා දීපු මෙම ක්‍රමයෙදි වඩාත් සජීවී බවින් යුතු රූප නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා.මෙහි විශේෂත්වය තමයි සාම්ප්‍රදායික නිර්මාණ වල යොදන සෘජු නැමුම් වෙනුවට කඩදාසිය තෙමා ගෙන වක්‍රාකාර නැමුම් වලට යොමුවීම. ඒ වගේම කඩදාසිය තෙමීම අවශ්‍ය නිසා මේ සඳහා භාවිතා කරන්නෙ වැඩි ඝනකමින් යුතු කඩදාසි විශේෂයක්.

ඔරිගමි කලාවේ සුවිශේෂී අංගයක් තමා ඔරිගමි කොකා. ඔරිගමි කොකුන් 1000ක් තැනූ විට තම ප්‍රාර්ථනා සඵල කරගත හැකි බවට ජපන් ජාතිකයින් අතර විශ්වාසයක් තියෙනවා.

ඒ වගේම දෙවන ලෝක යුධ සමයේ හිරෝෂිමා නාගසාකි ප්‍රහාර වලින් පසු මෙම ඔරිගමි කොකා සාමයේ සංකේතයක් ලෙස හඳුන්වන්න පටන් ගත්තා.

ඒ සිද්ධිය පිටුපසත් “සදකෝ සසාකි”  නම් දැරියකගේ හරිම සංවේදී කතාවක් තියෙනවා. කොහොම උනත් අදටත් ජපන් ජාතිකයින් හිරෝෂිමා නාගසාකි වෙනුවෙන් සාදා ඇති අනුස්මරණ ස්මාරක අසළ ඔවුන් අතින් සෑදූ ඔරිගමි කොකෙක් තබා යාම ඔවුන්ගේ සිරිතක්.


සදකෝ සසාකි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *